හෙළරට - විදෙස් පුවත්

තායි ස්වෙච්ඡා සෞඛ්‍ය සේවකයන්ට ලෝකයෙන් පැසසුම්…

තායිලන්තයේ කොරෝනා රෝගයට ඒරෙහිව සටන් වදින මිලියනයක පමණ ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී තිබේ.

තායිලන්තය මේ වනවිට වයිරසයට ඒරෙහිව ලබාගෙන ඇති සාර්ථකත්වයට ස්වෙච්ඡා සේවකයින්ගෙන් ලැබුණු දායකත්වය මහත් පිටිවලක් වූ බව ලෝක සෞඛය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තායිලන්තයේ ස්වෙච්ඡා සේවකයින් “ප්‍රශංසා නොලැබූ වීරයන්” බවයි.

චීනයෙන් පසු පළමු කොරෝනා රෝගියා වාර්තා වූයේ තායිලන්තයේ වුවත් ඒතැන් සිට මේ දක්වා තායිලන්තයේ වාර්තා වී ඇත්තේ රෝගීන් 3,000ක් සහ මරණ 58ක් පමණි.

කොවිඩ් – 19 වැළැක්වීම, රෝගීන් හඳුනා ගැනීම සහ වාර්තා කිරීම සඳහා ස්වෙච්ඡා සේවකයින්ගෙගේ නොමද සහාය ලැබුණු බව තායිලන්තයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත ඩැනියෙල් කර්ටෙස් පවසා තිබේ

උෂ්ණත්ව පරීක්ෂාවන් සිදුකිරීම, දෛනික සෞඛ්‍ය තොරතුරු රැස් කිරීම සහ රෝගය පැතිරෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා ද මෙම ස්වෙච්ඡා සේවකයන් රජයට උදව් කරයි.

1977 වර්ෂයේදී මෙම ග්‍රාමීය ස්වෙච්ඡා සේවය නිර්මාණය කර තිබේ.

මොවුන්ට මූලික සෞඛ්‍ය පුහුණුවක් ලබාදෙන අතර බොහෝ දුර බැහැර ප්‍රදේශවල මූලික ප්‍රතිකාර හා මූලික රෝග විනිශ්චයන් ලබා දීමට යොදවනු ලැබේ.

කුරුළු උණ හා H5N1 වැනි වසංගත තත්ත්ව වලදී ද මෙම ස්වේච්ඡා සේවකයින් සාර්ථක දායකත්වයක් ලබා දී ඇත.

Related posts

කොරෝනා ආසාදිතයින් ලක්ෂ 20 දක්වා ඉහළට

Helarata

සෞදියේ ආසාදිතයින් 112,000 ඉක්මවයි ..

Helarata

ඔබාමා ආර්යාවට ආතතිය…

Helarata

Leave a Comment

Translate »