හෙළරට - දේශිය පුවත්

පිළිකා රෝගීන් පරීක්ෂාව අන්තර්ජාලයෙන්..

පිළිකා රෝගීන් නිවසේ සිටියදීම අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් හලාවත මහ රෝහලේ පිළිකා ඒකකය විසින් ආරම්භ කර තිබේ .

දිවයිනේ රෝහල් තුළ පවතින පිළිකා ඒකකයක් මගින් සිදු කරන පළමු වැඩසටහන මෙය බව හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා ප්‍රකාශ කළේය..

වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා පැවසුවේ, හලාවත මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර සායනයට දිනකට රෝගීන් 40 – 50 ත් අතර පිරිසක් පැමිණෙන බවත්, නව වීඩියෝ පරීක්ෂා කිරීම් තුළින් එලෙස පැමිණෙන රෝගීන් ප්‍රමාණය අවම කර ගත හැකි බවයි.

පවතින කොරෝනා වෛරස් තත්ත්වයත් සමග පිළිකා රෝගීන් මුහුණ දෙන අවදානම සළකා මෙම වැඩසටහන ආරම්භ කළ බව හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය..

Related posts

කොරෝනා අරමුදලට තවත් ආධාර..

Helarata

වල්ලිපුරම් කුරක්කල් ඇතුළු 15ක් නිරෝධායනයට ….

Helarata

ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනට ඕස්ට්‍රේලියාවේ සහය …

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!