හෙළරට - විදෙස් පුවත්

රුසියා මාධ්‍යවේදිනියට ඇමෙරිකාවේදි ප්‍රහාරයක්….

රුසියා මාධ්‍යවේදිනියක් ඇමෙරිකා පොලිස් ප්‍රහාරයකට ලක්ව තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ රුසියා රජයට අයත් “ස්පුට්නික්” මාධ්‍ය සේවාවෙහි මාධ්‍යවේදිනියක වන නිකොලේ රොස්සෙල්ය.

ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ දී ඇය වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන උද්ඝෝෂණයක් ආවරණය කරමින් සිට ඇත. එම අවස්ථාවේදී පොලිස් නිලධාරියකු ඈ ඉලක්ක කරගෙන රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කළ බව වැඩිදුරටත් දැක් වේ.


රුසියා විදේශ කටයුතු අමාත්‍යංශය මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වෙමින් සිටී. ජෝන් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව ඇමෙරිකාවේ මේ දිනවල පැවැත්වෙන උද්ඝෝෂණ වාර්තා කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව දක්වන නොසැලකිල්ල ගැන රුසියා විදේශ කටයුතු අමාත්‍යංශය දොස් නඟා තිබේ.

මාධ්‍යවේදීන්, ඇමෙරිකා පොලිසියේ ගොදුරු බවට, මින් ඉදිරියේදී පත් නොවිය යුතු බව රුසියා බලධාරීහු දැඩිව පවසති. නිකොලේ රොස්සෙල්ට තුවාල සිදුකිරීම පිළිබඳව අන්තර්ජාතික සංවිධාන සහ මානව අයිතිවාසිකම් ගැන සොයා බලන ආයතන වහාම ක්‍රියා කළයුතු බවත් රුසියාව පෙන්වා
දෙයි.


“ස්පුට්නික්” මාධ්‍ය ආයතනයේ කර්තෘ මණ්ඩල ප්‍රධානී මාර්ගරීටා සිමොන්යාන් පවසන්නේ නිකොලේ රොස්සෙල්ට රබර් උණ්ඩ ප්‍රහාරය එල්ල කළ පොලිස් නිලධාරියා පිළිබඳව ඇමෙරිකාව නීතිය ක්‍රියාත්මක කරනු ඇත්ද යන්න සැක සහිත බවයි.


ඇමෙරිකාවේ දැනට පවත්නා උද්ඝෝෂණ වාර්තා කිරීමේ කාර්යයේ නියැලී සිටියදී පොලිස් ප්‍රහාරවලට ලක් වූ රුසියා ජාතික
දෙවන මාධ්‍යවේදියා නිකොලේය. එයට පළමුව මිඛයිල් ටර්ගිෆ් නැමැති මාධ්‍යවේදියා පොලිස් ප්‍රහාරයකින් තුවාල ලැබුවේය.


හෙතෙම “රොසියා සොගොඩ්න්‍යා” ප්‍රවෘත්ති ඒජන්සියේ මාධ්‍යවේදියෙකි. මේ දෙදෙනාට අමතරව මිනෙපොලිස්හි උද්ඝෝෂණයක් ආවරණය කරමින් සිටි රුසියා මාධ්‍යවේදියකු ගම්මිරිස් කුඩු ප්‍රහාරයකට ලක්වි ඇත.

Related posts

නවසීලන්තයේ කොරෝනා දෙවන රැල්ල ඇරඹේ….

Helarata

වෙරළේ ඇවිද්ද ඇමැතිට වැඩ වරදි

Helarata

ලංකාව ඉහළ මට්ටක ප්‍රංශ නාහිමිගේ ප්‍රසාදය

Helarata

Leave a Comment

Translate »