හෙළරට - දේශිය පුවත්

ලිපියක් එවු රොහන්සාට ජනපතිගෙන් පිළිතුරු ලිපියක්…

තමන් ඉතිරිකරගත් මුදලක් කෝවිඩ් අරමුදලට පරිත්‍යාග කරමින් ලිපියක් එවු කුඩා දියණියකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු ලිපියක් යවා ඇත.

ආදරණීය රොහන්සා දියණිය වෙතටයි,

දුවේ, රටේ අනාගත පරපුර ලෙස මාගේ සේවය අගය කිරීම ගැන පළමුව මම ස්තූතිවන්ත වෙමි. ඔබගේ දායකත්වය “ඉටුකම” COVID-19 සමාජ සංරක්ෂණ අරමුදල වෙත යොමු කර තිබෙනු දැක මම මහත් ආඩම්බරට පත්වීමි. ඔබ වැනි ශ්‍රී ලාංකේය දරුවන් වෙත අපගේ මවුබිම අනාගතයේ භාරවනු දැකීම මා හට මහත් අස්වැසිල්ලකි.
මා වෙත ලැබුණු ජනාධිපති ධුරයේ බලතල ඔබ වැනි දේශප්‍රේමී අනාගත පරපුරකට ජීවත් වීමට සුදුසු සමාජ, ආර්ථික සහ සංස්කෘතික දියුණුවක් සහිත රටක් බිහිකිරීමට යොදවන බවට මම පොරොන්දු වෙමි.
ළමා කාලය අප සියලු දෙනාගේ ජීවිතයේ සුන්දරම කාලයයි. එය තම අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය කෙරෙහි යොදාගනිමින් ශ්‍රී ලාංකේය නාමය ඉහළ තලයකට ඔසවා තැබීමට හැකි නව්‍ය නිර්මාණ කිරීමට ඔබ උත්සුක විය යුතුය. ඔබගේ සියලු කටයුතු සාර්ථක කරගැනීමට මම ආශිර්වාද කරමි.

අපි අපේ රටට ආදරය කරමු. අප වෙත පැමිණෙන සියලු බාදක එක්ව ජයගමු.

තෙරුවන් සරණයි.

Dear Rohansa Duwa,

I am very honoured to be appreciated by you for my work as the President of Sri Lanka. I am proud and deeply moved by the patriotism you showed by contributing to “Itukama” COVID-19 Social Security Fund. I feel confident and relieved to hand over our motherland to responsible Sri Lankan children like you in the future.

Childhood is the most beautiful time of one’s life. Whilst enjoying, you must also study well, develop your skills and be innovative to raise Sri Lanka’s name up to the international stature. I wish you the highest success in your future endeavors!

I promise to use the powers vested on me as the President to develop social, economical and cultural aspects of our country for all children of Sri Lanka. Let’s love our country and win through every obstacle with unity.

Related posts

රනිල් එජාපෙන් ඉවත්වෙයි….

Helarata

60,000ක් ලංකාවට එන්න ඕනෑ කියලා…

Helarata

රට රැකියාවලට යන අය ලියාපදිංචිය 20සිට..

Helarata

Leave a Comment

Translate »