හෙළරට - දේශිය පුවත් හෙළරට - විදෙස් පුවත්

ඇමෙරිකාවේ විරෝධතා මැද ගාන්ධි ප්‍රතිමාවටත් හානි..

මේ වනවිට ඇමරිකාවේ පැවැත්වෙන විරෝධතා අතරතුර මහත්මා ගාන්ධිගේ ප්‍රතිමාවකටද හානි කර ඇතැයි වාර්තා වෙයි. මේ ආකාරයෙන් හානි කර ඇත්තේ වොෂින්ටනයේ පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඉදි කර ඇති ප්‍රතිමාවටය.

තීන්තවලින් යම් යම් දේ එහි ලියා ප්‍රතිමාව
විරූප කර ඇති බව මාධ්‍ය සඳහන් කර තිබේ. කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවේදී මිය යාම කේන්‍ද්‍ර කරගෙන මේ වනවිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ඇමරිකාව තුළ දියත්ව ඇති අතර ගාන්ධි පිළිරුවට හානි කර ඇත්තේ ඒ අතරතුරය. නමුත් මෙයට වගකිව යුත්තේ කව්දැයි තවමත් හඳුනාගෙන නොමැත.


පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් වේ. මහාත්මා ගාන්ධි මානව හිතවාදියෙකු ලෙස පුළුල් පිළිගැනීමක් තිබුණද ඇතැම් පාර්ශ්ව පවසන්නේ ඔහු කළු ජාතිකයන් සම්බන්ධයෙන් දැක් වූ ආකල්පය ජාතිවාදී නැඹුරුවක් ගත් බවයි.

කලක් ඔහු දකුණු අප්‍රිකාවේ සේවය කළ බවද රහසක් නොවේ. කළු ජාතිකයන් වනචාරීන් ලෙස ඔහු සලකා ඇති බවත්, අපහාසාත්මක වදනක් වන ‘කෆීර්’ යන වදනින් ඔවුන් හඳුන්වා ඇති බවත් මෙම විවේචකයෝ පෙන්වා දෙති. එමෙන්ම අප්‍රිකාව තුළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කළ ඇතැම් කටයුතුවලට ගාන්ධි සහය දැක් වූ බවට ද මෙම පාර්ශ්ව චෝදනා කරති. මේ නිසා ඇතැම් අප්‍රිකානු රටවල ගාන්ධි ප්‍රතිමා ඉදි කිරීමට ගත් උත්සාහයන් පවා අත්හැර දැමීමට සිදුන ඇත.

Related posts

කොරෝනා දැන් අමතක වෙලා….

Helarata

වතුසේවක වැටුප් ගැන අගමැති සමග සාකච්ජාවක්…

Helarata

15 වෙනි කොවිඩ් මරණය වාර්තා වෙයි..

Helarata

Leave a Comment

Translate »