හෙළරට - විදෙස් පුවත්

ට්‍රම්ප් ඇමෙරිකානුවන් බෙදිමට හදනවා…

ට්‍රම්ප් ඇමෙරිකානුවන් බෙදිමට හදනවා හිටපු ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රහාරයක්.

ජනතාව අතර බෙදීම් ඇතිකරන
බව සහ බලය අනිසි ලෙස භාවිත
කරන බව පවසමින් එක්සත්
ජනපදයේ හිටපු ආරක්ෂක ලේකම්
ජේම්ස් මැට්ස් ජනාධිපති ඩොනල්ඩ්
ට්‍රම්ප්ව හෙළා දැක ඇත. කලාතුරකින්
ප්‍රසිද්ධියේ අදහස් පළකරන හිටපු
ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශයක්
නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ
ජනාධිපතිවරයා විසින් ඇමරිකානු
ජනතාව ‘බෙදීමට’ උත්සාහ කර ඇති
බවත් ඔහු ‘පරීණත නායකත්වයක්’
ලබාදීමට අපොහොසත් වී ඇති
බවත්ය.
ජනපති ට්‍රම්ප් විසින් මෑතකදී
ඇතිව තිබෙන නොසන්සුන්තා
හැසිරවීමට ගෙන ඇති පියවර
පිළිබඳව තමා කෝපයටත් බියටත්
පත් වූ බවද ලේකම්වරයා සඳහන්
කර තිබේ.
මේ අතර මැටින්ගේ
විවේචනාත්මක ප්‍රකාශයට ජනපති
ට්‍රම්ප්ද ප්‍රතිචාර දක්වා ඇත. ඔහු
පවසා ඇත්තේ ට්‍රම්ප් ‘අධිතක්සේරු
කළ ජෙනරාල්වරයකු’ බවත් ඔහු
ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත්
වීම පිළිබඳව සතුටුවන බවත්ය.
ජනාධිපති ට්‍රම්ප් සිරියාවෙන් එක්සත්
ජනපද හමුදා ඉවත්කර ගැනීමට
තීරණය කිරීමෙන් පසු 2018දී මැටින්
සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
මැටින්ගේ නවතම විවේචනයට
ප්‍රතිචාර දක්වමින් නිකුත් කළ එක්
ටිව්ටර් පණිවුඩයකින් ජනපති ට්‍රම්ප්
ප්‍රකාශ කර තිබුණේ මැටින් ධුරයෙන්
ඉවත් වූවා නොව තමා විසින් ඔහුව
ධුරයෙන් පහ කළා යනුවෙනි.
‘මම ඔහුගේ ශෛලියට සහ
ඔහුගේ තවත් බොහෝ දේට කැමැති
නැත. තවත් බොහෝ අයද මා සමග
එකඟ වෙති. ඔහු නතොමැති වීම
සතුටක්!’ යනුවෙන් ට්‍රම්ප් වැඩිදුරටත්
ප්‍රකාශ කර ඇත.
ට්‍රම්ප් මෙලෙස කෝප ගැන්වීමට
මැටින් ප්‍රකාශ කර තිබුණේ මෙවැනි
දෙයකි.
‘මාගේ ජීවිත කාලය තුළ අමරිකානු
ජනතාව එක්සත් කිරීමට උත්සාහ
නොකරන පළමු ජනාධිපතිවරයා
ඩොනල්ඩ් ට්‍රම්ප්ය. මෙම හිතාමතා
සිදුකරන ක්‍රියාවේ වසර තුනක
ප්‍රතිවිපාක අද අපි
දකිමු. මෙය පරිණත
නායකත්වයක්
නොමැතිවීමේ
ප්‍රතිවිපාක වේ.’

Related posts

එපා කියද්දි ළංවි සිටි පිරිසක් අත්අඩංගුවට …

Helarata

ඊශ්‍රායලයේ ඇමැතිධුරයකට ඉතියෝපියානු කාන්තාවක්…

Helarata

එංගලන්තයෙන් චිත්‍රපට බැලිම ජුලි 4න් පසු…

Helarata

Leave a Comment

Translate »