හෙළරට - දේශිය පුවත්

නෙළුවට හෙළුවෙන් රෑට යකෙක් ඇවිත්….

නෙළුව මාවනාන ඇඹිලිදෙණිය ආශ්‍රිත ගම්මානවල සැරිසරන බව කියන අද්භූත පුද්ගලයකු ඇල්ලීම සඳහා (04) දින පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ මෙහෙයුමක් දියත් කළ බැව් නෙළුව පොලිසිය පවසයි.


මෙකී පුද්ගලයා ගම්මුන් හඳුන්වනු ලබන්නේ ග්‍රීස් යකා නමිනි. රාත්‍රී මොහු අඩනිරුවතින් නිවාසවලට පැමිණ දොරවල්වලට තට්ටු කරන බව ගම්මුන් පවසයි. පසුගිය සති දෙක තුළම මෙකී ග්‍රීස් යකා මෙම ප්‍රදේශවල සැරිසරා ඇති බවද ගම්මුන් පවසයි.

ඔහු කළු මිටි පුද්ගලයකු බව ගම්මුන් පවසයි. පෙරේදා රාත්‍රී ප්‍රදේශයේ නිවසක් අසලින් මෙම ග්‍රීස් යකා ගමන් කළ බවට ලද තොරතුරකට අනුව ගම්මුන් විසින් පොලු රැගෙන ඊයේ අලුයම වන තෙක් ඔහු සොයමින් විවිධ ස්ථාන පරීක්ෂා කළහ.

එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකි බැව් ගම්මුන් පවසයි. නෙළුව පොලිසිය හා අවට පොලිස් ස්ථානවල නිලධාරීන් ගම්මුන් සමග එක්වී ග්‍රීස් යකා ඇල්ලීමේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවේ ඉන් අනතුරුවය.

Related posts

පුවත්පත් මණ්ඩලය වැඩ අරඹයි…

Helarata

කොරෝනා වෙබ් අඩවියක්..

Helarata

උසස් පෙළ සිසුන්ට පීඩාවක් නැතිව….

Helarata

Leave a Comment

Translate »