හෙළරට - විදෙස් පුවත්

යුරෝපා සංචාරකයන්ට ඉතාලියේ දොර ඇරේ…

කලක් කොරෝනා වසංගතයේ කේන්‍ද්‍රස්ථානය ලෙස සැලකුණු ඉතාලිය දැන් කෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් සිටියි.


පසුගිය කාලයේ රට තුළ ක්‍රියාත්මක වූ දැඩි සීමා තහංචිද වේගයෙන් ලිහිල් කරමින් තිබේ. මේ අනුව මාස තුනකට ආසන්න කාලයකට පසු ඉතාලියේ දේශ සීමාද විවෘත කිරීමට පසුගිය බදාදා (03) එරට රජය පියවර ගත් අතර යුරෝපා සංගමයේ රටවල සිට පැමිණෙන සංචාරකයන්ටද රට තුළට ඇතුළු වීමට අවසර ලැබෙනු ඇත.

එමෙන්ම සිය පවුල්වලින් සහ හිතවතුන්ගෙන් වෙන්ව පසුගිය කාලයේ වෙනත් රටවල සිර වී සිටි ඉතාලි වැසියන්ටද දැන් නැවතත් සිය සමීපතමයින් සමග එක් වීමට අවස්ථාව හිමිවී තිබේ.


යුරෝපා රටවල් අතරින් මේ ආකාරයෙන් දේශසීමා විවෘත කිරීමට පියවර ගත් පළමු රට ඉතාලියයි. රටට ඇතුළු වන්නන් වෙනුවෙන් පනවා තිබූ දින 14ක නිරෝධායන නියෝගය පවා ඉවත් කර ඇත.

ඉතාලිය මෙතරම් ඉක්මනින් මෙවැනි පියවරක් ගෙන ඇත්තේ එරට ආර්ථිකය නැවත නගා සිටුවීමේ අරමුණ ඇතිව බව අමුතුවෙන් කිව යුතු නැත. ඉතාලිය සංචාරක ව්‍යාපාරය මත විශාල වශයෙන් රඳා පවතින රටක් බවද රහසක් නොවේ. කෙසේ වෙතත් මෙම තීරණය ගැනීමට රජය ඉක්මන් වූවා වැඩි බවටද ඇතැම් පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වෙමින් තිබේ. යුරෝපයේ බොහෝ රටවල් සිය දේශ සීමා විවෘත කිරීමට බලාපොරොත්තු වන්නේ මේ මස මැද භාගයේ බව සඳහන් වේ.

ඇතැම් රටවල් ඊටත් වැඩි කාලයක් දේශ සීමා වසා තැබීමට අදහස් කරන බවද වාර්තා වෙයි. ඉතාලිය සිය දේශ සීමා විවෘත කළත් වෙනත් රටවල් ඉතාලියේ සිට පැමිණෙන්නන් සිය රටවලට ඇතුළු කර ගනීවිද යන්න සැක සහිත බවටද ඉතාලි රජය පවසයි.

Related posts

කොරෝනාවෙන් ඔස්ට්‍රෙිලියාවේ ලක්ෂ 6කට රැකියා අහිමිවෙලා…

Helarata

තුර්කියේ කොණ්ඩා කැපිම අරඹයි…

Helarata

දිනකට ඇමෙරිකාවේ ලක්ෂයකට කොරෝනා….

Helarata

Leave a Comment

Translate »