හෙළරට - දේශිය පුවත්

තංගල්ල හෘද රෝගදැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට…

තංගල්ල මූලික රෝහලේ සෞභාග්‍යා සුව අරණ දෙමහල් හෘද රෝග දැඩි සත්කාර ඒකකය අද (2020.06.06) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.

තංගල්ල මූලික රෝහලේ හෘද රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහුසකම්වල දැඩි හිඟයක් පැවැතුණු අතර එම පහසුකම්ද සහිතව මෙම නව දෙමහල් ගොඩනැගිල්ල ඉදි කර ඇත.

හෘද රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් මෙන්ම වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට අවශ්‍ය පහසුකම් සහිත විවේකාගාර ද ඇතුළත්වන සේ මෙම වාට්ටු සංකීර්ණය ඉදිකර ඇත්තේ මාස දෙකක පමණ කෙටි කාලයක් තුළය.

හෘද රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ලක්ෂ 400 ක් වටිනා වෛද්‍ය උපකරණ ද මෙම වාට්ටු සංකිර්ණය සදහා ලබා දී ඇත.

මෙම වාට්ටු සංකීරණය රුහුණු කරළිය සංවිධානයේ ප්‍රජා සත්කාරයක් ලෙස ඉදිකර ඇති අතර ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ද රුපියල් ලක්ෂ 97ක් ඊට ප්‍රදානය කර තිබේ.

තංගල්ල මූලික රෝහලේ මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්, රුහුණු කරළිය සංවිධානයේ ප්‍රධාන සංවිධායක නිශාන්ත ජයසිංහ මහතා ය.
ජගත් පරිසර දිනය නිමිත්තෙන් රෝහල් භූමියේ අග්‍රාමාත්‍යවරයා අතින් පැලයක් සිටුවීමද මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ශීරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ ‍කෝදාගොඩ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ද මේ අවස්ථාවට එක්වූහ.

Related posts

පාසල් ඇරීමට චක්‍රලේඛයක්…

Helarata

සංචාරය නංවන්න යුරෝපා අතහිත…

Helarata

දාළදා කරඩුව වැඩමවු මිල්ලන්ගොඩ ජයන්ති (පොඩි රාජා) ඇතා මියයයි….

Helarata

Leave a Comment

Translate »