හෙළරට - දේශිය පුවත්

නැවෙන් ගිය 235ක් මත්තලට උඩින් ඇවිත්….

ජර්මනියේ නැව් සමාගම් කීපයක සේවය සදහා ගොස් සිටියදී කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් 06 දින දහවල් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර  ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම නාවිකයන් පිරිස 6 දින ජර්මනියේ , හැම්බර්ග් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානයෙන් දහවල් 11.55 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන්  පිරිස සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීමට සූදානමින් කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

එම පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස මත්තල ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සූදානම් කර ඇති බවද වාර්තා වේ .

Related posts

සාජා හි සුපිරි නිවාස සංකීර්ණයක ගින්නක්..

Helarata

වාහන ආදායම් බලපත්‍ර වලංගු කාලය දික්වෙයි….

Helarata

කොරෝනා කාලේ දියවැඩියාව වැඩිවෙලා…

Helarata

Leave a Comment

Translate »