හෙළරට - දේශිය පුවත්

ජන්ද පෙරහුරුව අද ….

අද පෙරවරුවේ (07) අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරමය විහාරස්ථානයේ දි සෞඛ්‍ය ආරක්ෂිතන 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම පිළිබඳව පෙරහුරු වැඩසටහනක් පැවැත්විණි .

මෙම අවස්ථාව සඳහා විලේගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඡන්ද දායකයින් 300ක පමණ පිරිසක් සහභාගී වූහ .මෙහිදී ප්‍රථමයෙන් ඡන්ද මධ්‍යස්ථානයට ඇතුලු වන ස්ථානයේදී අත් සෝදාගෙන මීටරයක පරතරය තබා පෙලට සිට, ප්‍රථමයෙන්ම මුඛ ආවරණය ඉවත්කර ඡන්ද පත්‍රිකාව සහ හැදුනුම්පත පෙන්වා නම් ලකුණු කර එම ස්ථානයේදී ඡන්ද හිමි පත්‍රිකාව පෙට්ටියකට දැමීම සිදු කරයි .නැවතත් දෑත් පිරිසිදු කිරීමෙන් අනතුරුව නිලධාරියා විසින් කොට්න් බට් එකකින් ඇගිල්ලෙහි තීන්ත සලකුණු කර ලබා දෙන ඡන්ද පත්‍රිකාව රැගෙන ගොස් ලකුණු කර ඡන්ද පෙට්ටියට දැමීම සිදුකරයි. පසුව ඉන් පිටතට යාමේදීද දෑත් විෂබීජ හරණය කරනු ලබයි. මෙම අවස්ථාවන් නිරූපනය කිරීම සිදු විය .

මෙම ක්‍රමවේදය සඳහා ඡන්ද ශාලාවට ඇතුල් වන අවස්ථාවේ සිට ඉන් පිටවන තෙක් සාමාන්‍ය කාලය මිනිත්තු 1යි තත්පර 45ක් පමණ ගතවන බවට නිරීක්ෂණය විය.

මෙම අවස්ථාව සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා , මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා , ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා , ඇතුලු මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ .

Related posts

ඩෙංගු අවදානමක් අතළඟ..

Helarata

සාපෙළ සිසුන්ගේ හැදුනුම්පත් අයැදුම්පත් කඩිනමින් එවන්න…

Helarata

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇරඹෙයි…

Helarata

Leave a Comment

Translate »