හෙළරට - ප්‍රාදේශීය පුවත්

පින්නවල සංචාරක කලාපයේ ලෝක පරිසර දිනයට ගස් සිටුවයි…

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් රඹුක්කන පින්වල සත්වෝද්‍යාන සංචාරක කලාපය ආශ්‍රිත ප්‍රධාන මාර්ගය අවට රැක්රෝපණ වැඩසටහනක් අද (06) පෙරවරුවේදී කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ලෝක පරිසර දිනය සැමරීම වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වුණ අතර රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලව විසින් සංවිධානය කර තිබිණි.

රඹුක්කන පින්නවල සංචාරක කලාපය ආශ්‍රිත ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගැනීමට හැකි වන අයුරින් විධිමත් ආකාරයෙන් සංවර්ධනය කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ගිනිමින් සැලැස්මක් සකස් කිරීමට පියවර ගන්නා බව දිස්ත්‍රික් ලේකම්වරයා මෙහි දී සඳහන් කළේය.

වාගොල්ල, අපේගම, සත්වෝද්‍යානව අවට කලාපය ආවරණ වන පරිදි මෙම රැක්රෝපණ වැඩසටහන සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නාලිකා පියසේන, අතිරේක දිස්ත්‍රික් ලේකම් (සංවර්ධන හා ඉඩම්) දිනීෂා රත්නායක, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් නර්මදා එගොඩගෙදර, රඹුක්කන සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත්, යන මහත්ම මහත්මීන් ඇතුළු මධ්‍යම පරිසර අධිකාරිය, පොලීසිය, ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, බෞද්ධ කටයුතු නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Related posts

සිංහල කවි සම්මේලනයෙන් වාද්දුව මොල්ලිගොඩ ආයුර්වේදෙට ආරක්ෂිත ඇදුම් කට්ටල

Helarata

කෑගල්ලේ සනීපාරක්ෂක වැසිකිලි 4010 කඩිනමින් වැඩ අවසන් ….

Helarata

කඩුවෙලට දැම්ම ජරාව ඉවත්කිරිමට නියෝග

Helarata

Leave a Comment

Translate »