හෙළරට - දේශිය පුවත්

හම්බන්තොටට විශ්ව විද්‍යාලයක්..

මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන පහක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙනවා‘‘ යැයි  තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ (7) තංගල්ලේදී පැවැති පොදුජන පෙරමුණෙහි ප්‍රාදේශීය නියෝජිතයන් දැනුම්වත් කිරීමේ හමුවකදීය.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.
 

‘‘කොළඹ දිස්ත්‍රීක්කයේ විශ්ව විද්‍යාල හැටහුටහමාරක් තිබෙනවා. ගම්පහ දිස්ත්‍රීක්කයේ දෙකක් තිබෙනවා. මාතරට විශ්වවිද්‍යාලයක් තිබෙනවා. හම්බන්තොටට විශ්ව විද්‍යාලයක් නැහැ. මම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. සූරියවැව අධිතාක්ෂණික විශ්ව විද්‍යාලයක්, තොරතුරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය සහ ඉංජිනේරු තාක්ෂණය කියන තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මං සාකච්ඡා කරලා ඩොලර් බිලියන පහක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙනවා.  හම්බන්තොට දැනුම් කේන්ද්‍රයක් බවට පත් කරනවා‘‘ යැයිද කීවේය.

Related posts

පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය 25 සිට යළි විවෘත වෙයි

Helarata

කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකයට හානි කිරීම සෙවිමට කමිටුවක්!…

Helarata

මංතීරුවෙන් හෙට සිට දඩ…

Helarata

Leave a Comment

Translate »