හෙළරට - දේශිය පුවත්

ආපනශාලාවලට සෞඛ්‍යයෙන් ලියාපදිංචියක්..

සියලුම ආපන ශාලා, තේ පැන් හල් මෙන්ම හෝටල්වල ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ලියාපදිංචි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමේ අරමුණෙන් මෙන්ම ආහාර පනතේ බලතල අනුව අපිරිසුදු ආපන ශාලා, තේ පැන් හල් හා හෝටල පාරිභෝගිකයන්ට විවෘත කිරීම වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල විසින් ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කර ලබාදෙන සහතිකය වසර දෙකකට වලංගු වෙයි. මෙම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් පවසයි.

ආහාර පරිශ්‍රය තුළ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාම සඳහා සබන් යොදා අත් සේදීමට පහසුකම් තිබීම, එක වරකදී අවම පාරිභෝගිකයන් පිරිසක් පරිශ්‍රය තුළට ඇතුළත් කර ගැනීම, මීටරයක දුරින් සිටීම, විකිණීමට ඇති භාණ්ඩ පාරිභෝගිකයන්ට ඇල්ලීමට නොදීම, මුඛ ආවරණ, අත් වැසුම්, හිස් වැසුම් භාවිත කිරීම, ආහාර ඇල්ලීමට සුදුසු මෙවලම් භාවිත කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියයි.

Related posts

අරලිය ගහ මැදුරේ බණ බෙල්ලන්විල නාහිමිගෙන් …

Helarata

විෂබීජහරණයට එතනෝල් ලීටර් ලක්ෂ 8 ක්

Helarata

ග්‍රාම නිලධාරින්ගේ ගැටලු විසඳන්න වෙනම පොලිස් නිලධාරියෙක්…

Helarata

Leave a Comment

Translate »