හෙළරට - විදෙස් පුවත්

ගුගිනෝ තල්ලුකළ පොලිස් නිලධාරින්ට වැඩවරදි…

ඇමරිකාවේ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීති අංශ කටයුතු කර තිබේ. මේ ආකාරයෙන් චෝදනා ගොනු කර ඇත්තේ ආරොන් ටෝර්ගල්ස්කි සහ රොබර්ට් මැකාබේ යන නිලධාරීන් දෙදෙනාට එරෙහිවයි.


මේ වනවිට ඇමරිකාව තුළ මහත් උණුසුම් ආකාරයෙන් ඉදිරියට යමින් ඇති විරෝධතාවන්ට සහභාගි වී සිටි 75 හැවිරිදි පුද්ගලයෙකු සම්බන්ධ සිද්ධියක් මෙයට පසුබිම් වෙයි. පදික වේදිකාවක විරෝධතා දක්වමින් සිටින මාර්ටින් ගුගිනෝ නමැති පුද්ගලයෙකු මෙම නිලධාරීන් විසින් තල්ලු කරනු ලබන ආකාරයත්, ඔහු පිටුපසට ඇද වැටී පදික වේදිකාවේ හිස ගැටීමෙන් තුවාල ලබන ආකාරයත් දැක්වෙන විඩියෝවක් පසුගිය දිනවල මාධ්‍ය තුළ සංසරණය විය.

ගුගිනෝ පදික වේදිකාවෙහි වැටී නිසොල්මන්ව සිටියදී ඔහුගේ කනකින් රුධිරය ගලා එන ආකාරයක්ද දැකිය හැකි වේ. එයින් පසු ඔහු ගිලන් රථයකින් රෝහලක් වෙත ගෙන ගොස් ඇති අතර පසුව වාර්තා වූයේ ඔහුගේ තත්ත්වය බරපතළ බවයි.


පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙනි. ටොර්ගල්ස්කි සහ මැකාබේ වරදකරුවන් බවට පත් වුවහොත් වසර 7 බැගින් සිරදඬුවම් විඳීමට සිදුවේ.

Related posts

නවසීලන්තයෙන් පස්වන කොරෝනා මරණයත් වාර්තා වේ.

Helarata

යුරෝපා රටවලට යුරෝපයේ දොර හැරේ…

Helarata

පොදු ස්ථානවලදි මුඛ ආවරණ පළදින්න…

Helarata

Leave a Comment

Translate »