හෙළරට - දේශිය පුවත්

ජන්දයේදි දේශපාලන වැඩ එපා….

ජන්දයේදි දේශපාලන වැඩ එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානින්ට කියයි..

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි බව එ් මහතා තවදුරටත් කියා සිටී. 

රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ  නිලධාරීන් රජය වෙනුවෙන් දේශපාලනය කළයුතු යැයි ජනාධිපතිවරයා කිසිවිටෙකත් අපේක්ෂා කරන්නේ නැති බවද ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදයේ සඳහන් වේ. 

Related posts

ගාලුපාරේ අනතුරින් යතුරුපැදිකරු මරුට…

Helarata

කෝටියක් සුවය ලබයි…

Helarata

වෛද්‍ය උපකරණ සහිත චීන ගුවන් යානයක් කටුනායකට..

Helarata

Leave a Comment

Translate »