හෙළරට - දේශිය පුවත්

පැරීසියේ සිරි යළි නරඹන්න…

පැරීසියේ ආපනශාලා සහ බීරහල්
නැවත විවෘත කරමින් ප්‍රංශය
යළි සාමාන්‍ය ජන ජීවිතය කරා
එළැඹෙමින් සිටී.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන්
මුළුමනින්ම අගුළු දමා තිබුණු ප්‍රංශයේ
දෛනික මරණ සංඛ්‍යාව දැන් අවම
වී ඇති අතර නව ආසාදිතයන් වාර්තා
වීමද ඉතා අඩු මට්ටමක පවතී.
මෙම තත්ත්වය සැලකිල්ලට
ගනිමින් පසුගිය සති අන්තය වනවිට
පැරීසියේ වැසියන්ට නිදහසේ
සැරිසැරීම සඳහා ප්‍රධාන වීදි විවෘත
කිරීමට ප්‍රංශ බලධාරීහු කටයුතු කළහ.
මාස ගණනකට පසුව මෙම නිදහස
භුක්ති විඳිමින් ප්‍රංශයේ සංස්කෘතිය
පිළිබඳ කතුවරියක හා ඉතිහාසඥයකු
වන ජොආන් ඩීජියන් බීබීසී පුවත්
සේවයට පවසා තිබුණේ ‘‘පැරිස්
නගරය නිර්මාණය කර ඇත්තේම
මිනිසුන්ට සැරි සැරීමට සහ නැරඹීම
සඳහාය.

එම වීදි සහ ගොඩනැගිලි
සියල්ලම චිත්තාකර්ෂණීය කර ඇත්තේ
මිනිසුන්ගේ දෑස් පිනවීම වෙනුවෙනි.
උද්‍යානවල සිට විශාල නිවාස දක්වා
සියල්ල, වීදි ද, පදිකයන් සහ පිටතට
පැමිණි පදිංචිකරුවන් නොමැති නම්
වටිනාකමකින් තොරය’’ යනුවෙනි.
කෙසේ වෙතත් ප්‍රංශයෙන් වාර්තා
වන විශේෂිතම පුවත වන්නේ කොවිඩ්-
19 වසංගතය හේතුවෙන් සිදුකළ අගුළු
දැමීම ඉවත් කිරීමට අකමැති සැලකිය
යුතු පිරිසක්ද විශේෂයෙන්ම පැරීසියේ
සිටීමයි. මේ පිළිබඳව අදහස් දක්වන
පැරීසියේ කොචින් රෝහලේ මනෝ
චිකිත්සකවරයකු වන ඇලන් කඩෝරි
පවසන්නේ මෙලෙස සිරගතව සිටීමට
කැමති පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳව
තමා පුදුමයට පත්වන බවයි.


‘‘සමාජ සබඳතාවලට බියක් දක්වන පුද්ගලයන්ට මෙම අගුළු දැමීම හේතුවෙන් වඩාත් සුරක්ෂිත භාවයක් දැනී ඇත. ආදර සබඳතාවල සංකීර්ණ බවක් දකින පිරිස්වලටද මෙම හුදකලා වීම් සැනසීමට කරුණක් වී ඇත. එසේම වීඩියෝ ක්‍රීඩාවල සහ සමාජ මාධ්‍යවල රැඳී සිටීමට කැමති යෞවනයන්ටද නිවසේ රැඳී සිටීම සතුටට කරුණක් වී ඇත’’ යැයි ඇලන් කඩොරි පවසයි.


(7 වැනිදා) වනවිට ප්‍රංශයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 154,000කට ආසන්නව තිබුණු අතර එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව29150ක් විය.

Related posts

විටමින් C හිඟයක්..

Helarata

රුමේනියාවේ ලාංකිකයන් පහකට කොරෝනා …

Helarata

හෝටල්වල නිරෝධායනයේදි මුදල් අයකරන්නෙ රජය හෝ හමුදාව නොවේ..

Helarata

Leave a Comment

Translate »