හෙළරට - දේශිය පුවත්

සිසුන්ගේ උණ බලන්න උෂ්ණත්වමාන දසදහසක්…

පාසල්වලට අවශ්‍ය උෂ්ණත්වමාන දහසය දහසක් ගෙන්වා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇත. ටෙන්ඩරය බාරගෙන පළමු සතියේ දී උෂණ්තවමාන අටදහසක් ද දෙවැනි සතියේ දී ඉතිරි ප්‍රමාණය ද ලබා දිය යුතු යුතු බවට වන කොන්දේසිය මත මෙම ටෙන්ඩරය කැඳවූ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මස අවසානයට පෙර උෂ්ණත්වමාන පාසල්වලට ලබා දීමට හැකි වනු ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද පැවසීය. සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් පිළිබඳව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය
අතර (08 වැනිදා) සාකච්ඡාවක් ද පැවැත්වේ.

පාසල් ආරම්භ කිරීමට පෙර පොදු ප්‍රවාහන සේවා අනිවාර්යයෙන් ම සමාන්‍ය තත්ත්වයට පත් විය යුතුය යන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අදහස වී තිබේ. ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡාවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ද සාකච්ඡා කරන බව ලේකම්වරයා කීවේය. කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම වෙනුවෙන් හා වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා පාසල් අනුගමනය කරන ක්‍රියාමාර්ග මෙම සාකච්ඡාවේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මහමැතිවරණයේ වැඩිම මනාපය මහින්ද රාජපක්ෂට..

Helarata

හැදුනුම්පත් අංක අනුව ගමන් යන්න කීම නීතියක් නොව ඉල්ලීමක්…

Helarata

ජකර්තා සීමා ලිහිල් වෙයි…

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!