හෙළරට - දේශිය පුවත්

කතරගමට කිඹුලෝ ඇවිත්…

කොරෝනා වසංගතය හමුවේ මාස තුනකට ආසන්න කාලයක් පුරා බැතිමතුන්ගෙන් හුදෙකලා වීම නිසා කතරගම ප්‍රදේශයේ දිය නෑ ස්ථාන රැසකට මේ වනවිට දැවැන්ත කිඹුලන් පැමිණ තිබේ.


අංක 03, අංක 02 පාලම අසල ජනයා නිතර ගැවසෙන ස්ථානයන්හි මෙම දැවැන්ත කිඹුලන් නිතර ගැවසෙන බව ප්‍රදේශවාසීහු පවසති. කතරගම ඇසළ පෙරහර
ග පැවැත්වෙන සමයේ මෙම කිඹුලන්ගෙන් මැණික් ගඟේ දිය නෑමට එන ජනයාට උපද්‍රවයක් ඇතිවිය හැකි බවට බොහෝදෙනෙක් බිය පළ කරති.


පසුගිය වසරේදී මෙවැනි කිඹුලන් රැසක් වනජීවී නිලධාරීන් විසින් අල්ලා යාල වනයේ වැව්වලට මුදාහරින ලදී. මේ අතරින් විශාලතම කිඹුලා නාගහවීදිය ගම්මානය අසල මැණික් ගඟේ සිටින බව ආරංචියක් පැතිර යමින් පවතියි.


පසුගිය වසරේදී මැණික් ගඟේ දිය නෑ පුද්ගලයන් කීප දෙනකුම මෙම කිඹුලන්ගෙන් සපාකෑම්වලට ලක්වූ බව ප්‍රදේශවාසිහු කියති.

Related posts

මැතිසබය රැස්කළ යුතුයි…

Helarata

ඇසට වැලිගසා වැඩිමිලට වැලි වික්කොත් වැඩවරදි…

Helarata

අපේක්ෂයන්ට වන්නිලැත්තෝ පාඩමක් කියා දෙයි…

Helarata

Leave a Comment

Translate »