හෙළරට - දේශිය පුවත්

පාසල් ජුනි 29 සිට ඇරේ…

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම මෙම මස 29 වැනිදා සිට අදියර 4ක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

‍ජූනි 29 වැනිදා පාසල් විවෘත කෙරෙන්නේ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පමණක් වන අතර සිසුන් වෙනුවෙන් පාසල් විවෘත කෙරෙන්නේ ජූලි 6 වැනිදා සිට බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වසරේදී අ.පො.ස උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පළමු අදිය‍ර යටතේ ජූලි 6 වැනිදා පාසල් විවෘත කෙරෙන අතර අනෙකුත් දරුවන් සඳහා ඉන්පසු අදියරෙන් අදියර පාසල් විවෘත කෙරෙන බව ඇමතිවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි

Related posts

සිංගප්පූරු හිරේ ඉන්න ලාංකිකයාට කොරෝනා …

Helarata

කුරුණෑගල පුරාවිද්‍යා ගොඩනැගිල්ල ගැන කමිටුවෙන් නිර්දේශ පහක්…

Helarata

නාරාහේන්පිට, දාබරේ මාවත හුදෙකලා කරයි..

Helarata

Leave a Comment

Translate »