හෙළරට - දේශිය පුවත්

ඉන්දියාවෙන් ආ සාරි වෙළෙන්දාට කොරෝනා …

යාපනය ප්‍රදේශයේ පවුල් 07 ක පුද්ගලයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් (09) පියවර ගෙන තිබේ.

ඒ ඉන්දියාවේ සිට යාපනයට පැමිණි සාරි වෙළෙන්දෙකු ආපසු ඉන්දියාවට යාමෙන් පසුව කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමගයි.

මෙම සාරි වෙළෙන්දාගෙන් සාරි මිලට ගනු ලැබූ යාපනයේ සාරි ව්‍යාපාරිකයින් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙලෙස නිරෝධායනයට ලක් කොට ඇති බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය කේතිෂ්වරන් මහතා පැවසීය.

ඒ අනුව එම පළාත් වල පවුල් 19 ක් හදුණාගෙන ඔවුන්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇත්දැයි සොයා බැලීමේ කටයුතු මේ දිනවල යාපනයේ සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කරගෙන යනු ලබයි.

මෙම ඉන්දීය ජාතිකයා මෙරට වෙළඳාම් කටයුතුවල නිරතව ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ සිටයි.

යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් අදාළ ව්‍යාපාරිකයාට කොරෝනා වෛරසය ආසාදීතව ඇති බවට තහවුරු කළ බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

Related posts

ග්‍රාම නිලධාරින්ගේ ගැටලු විසඳන්න වෙනම පොලිස් නිලධාරියෙක්…

Helarata

එංගලන්තයෙන් නවසීලන්තයට යළි කොරෝනා යකා ඇවිත්..

Helarata

අද මේ වන විට කොරෝනා ආසාදිතයින් 414 යි..

Helarata

Leave a Comment

Translate »