හෙළරට - දේශිය පුවත්

උසස්පෙළ මීඩියා එක ප්‍රශ්න පත්‍රයයි…

මෙවර උසස් පෙළ විභාගයේ විෂයයන් හැටක් සඳහා නව හා පැරණි විෂය නිර්දේශ වශයෙන් ප්‍රශ්න පත්‍ර දෙක බැගින් සකස් කෙරෙන නමුත්, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය වෙනුවෙන් සකස් කෙරෙන්නේ එක් ප්‍රශ්න පත්‍රයක් පමණි.

ප්‍රශ්න පත්‍රය, ඒ, බී හා සී යනුවෙන කොටස් තුනක් යටතේ සකස් කෙරිණි. පළමු කොටසට නව හා පැරණි නිර්දේශ දෙකටම අයත් ප්‍රශ්න ඇතුළත් කෙරේ. දෙවැනි කොටසට නව නිර්දේශයට අයත් ප්‍රශ්නද තෙවැනි කොටසට පැරණි නිර්දේශය අයත් ප්‍රශ්නද ඇතුළත් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


උසස් පෙළ නව විෂය නිර්දේශය පසුගිය වසරේ ආරම්භ කෙරුණු නමුත් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. නව විෂය නිර්දේශයට අදාළව එල්ල වූ විරෝධය මත එම විෂයයේ නව නිර්දේශය ක්‍රියාත්මක කිරීම මෙම වසරට කල් දැමිණි.


මේ නිසා මෙම වසරේ දී නව හා පැරණි විෂය නිර්දේශ දෙකටම අදාළ වන එක් ප්‍රශ්න පත්‍රයක් සකස් කිරීමට තීරණය කළ බව විභාග කොමාසාරිස් ජනරාල්වරයා විෂය නිර්දේශ දෙකටම අදාළව ප්‍රශ්න ඇතුළත් කෙරෙන හෙයින් කිසිදු සිසුවකුට අසාධාරණයක් සිදු නොවන බවද ඒ මහතා කීවේය.


මෙම විෂයයේ මූලාකෘති ප්‍රශ්න පත්‍රයක් විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කර ඇති නමුත් වෙනත් කිසිදු තොරතුරක් එහි සඳහන් නොවේ. මෙම විෂයයේ නව හා පැරණි නිර්දේශ යටතේ අයැදුම්කරුවෝ විසිපන් දහසක් පමණ පෙනී සිටිති.

Related posts

නෙළුම්වැවට අලුත් සමනල්ලු ඇවිත්…

Helarata

රටට අසාධාරණයක් කරන ඕනෑම ජගත් සංවිධානයකින් ලංකාව ඉවත්කරගන්නවා

Helarata

පන්නිල හා චීන කොටුව අරී…

Helarata

Leave a Comment

Translate »