හෙළරට - දේශිය පුවත්

එංගලන්තයේ මඟුල්වලට අවසර

විවාහ මංගල උත්සව සහ එළිමහනේ ආහාර ගැනීම ආදියට අවසර ලබාදීම සඳහා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සැලසුම් කරමින් සිටින බව රජයේ ඉහළ පෙළේ මූලාශ්‍ර උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත පරිහානියට පත් ආර්ථිකය නගා සිටුවීම සහ සුළු පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත .

අවන්හල් ආපන ආපනශාලා සහ මත්පැන් හල් පිළිබඳව පනවා ඇති තහංචි ද පොදුවේ ලිහිල් කිරීමට අවශ්‍ය බව ඔහු පවසා ඇත. පෞද්ගලික යාච්ඤා මධ්‍යස්ථාන ජුනි 15 වෙනිදා සිට දහදෙනෙකුට අඩු සහභාගිත්වයක් සහිත ගෘහස්ථ මංගල සහ අවමංගල කටයුතු ජූනි මස අවසානයේ සිට ද විවෘත කිරීමට අවසර දීමේ නිවේදනය මෙම සති අන්තය දී ප්‍රකාශයට පත් කරනු ඇතැයි පුවත් පත සඳහන් කරයි.

Related posts

කිරි නිෂ්පාදනය වැඩිකිරිමට තණකොළ වැඩියෙන් වවයි…

Helarata

ත්‍රිපෝෂ නිවසටම

Helarata

ලොවපුරා සෞඛ්‍ය අංශයට පාප්තුමාගෙන් පැසසුම්…

Helarata

Leave a Comment

Translate »