හෙළරට - දේශිය පුවත්

මට ජන්දය දෙන්න එපා මංගල කියයි …

සිය මන්ත්‍රී දේශපාලන ජීවිතයට සමුදීමට තමා තීරණය කළ බව  හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.


ඒ අනුව 2020 මහ මැතිවරණයට සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් නොවන බවත් අපේක්ෂකයකු ලෙස ඡන්ද නාම ලේඛනයේ  නම සදහන්ව තිබුණද ඡන්දය ඉල්ලිමෙන් වැලකී සිටින බවත් පවසන හිටපු අමාත්‍යවරයා සිය  අංකය ඉදිරියේ  මනාපය සටහන් නොකරන ලෙස මාතර දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කර තිබේ. 

එමෙන්ම මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමුගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නැතැයි හිටපු අමාත්‍යවරයා අවධාරණය කර ඇත.  නිවේදනයක් නිකුත් කරමින් මංගල සමරවීර මහතා (09) මේ බව ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද දන්වා ඇතැයි මංගල සමරවීර මහතා  සඳහන් කරයි.

Related posts

බාර්වල පොරකෑම් ආදියෙන් රෝග පාලනය ගිලිහි ගියහොත් තත්වය භයානක විය හැකියි..

Helarata

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වෙයි…

Helarata

විනයගරුක රථවාහන පාලනයකට වැඩමුළුවක් ..

Helarata

Leave a Comment

Translate »