හෙළරට - විදෙස් පුවත්

ඉන්දියාවේ එකම පවුලේ 11කට කොරෝනා …..

එකම පවුලේ 17 දෙනකු අත­රින් 11 දෙන­කු­ටම කොරෝනා වයි­ර­සය ආසා­ද­නය වුණු පුව­තක් ඉන්දි­යා­වෙන් වාර්තා වේ. මුකුල් ගාර්ග් ගේ පවුලේ මුලින්ම රෝගය ආසා­ද­නය වූයේ ඔහුගේ 57 හැවි­රිදි මාම­ණ්ඩි­ය­ටයි. ඒ අප්‍රේල් 24 වැනි­දාය. එතැන් සිට පැය 48ක් ඇතු­ළත තවත් දෙනෙකු අස­නීප විය. බලා­පො­රොත්තු නොවූ ආකා­ර­යට රෝග ලක්ෂණ උග්‍ර විය. උණ වර්ධ­නය වී කට­හ­ඬ­වල් ගොරෝසු වූ අතර කැස්ස ද ඇති විය. එය සාමා­න්‍ය­යෙන් ඇති වන සෙම්ප්‍ර­ති­ක්ෂ්‍යා­වක් යැයි මුකුල් තීර­ණය කළේය. තවත් පස් හය දෙනකු රෝග ලක්ෂණ පෙන්නුම් කළත් ඔහු එය සුළු­වෙන් තැකීය.

තවත් දින ගත වන විට පවුලේ පස් හය දෙනකු ම කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන විට ඔහු මේ ගැන පරීක්ෂා කිරී­මට කල්පනා කළේය. අව­සා­නයේ පවුලේ 17 දෙනා­ගෙන් 11 දෙන­කු­ටම කොවිඩ් 19 ආසා­ද­නය වී ඇති බව සොයා ගැනිණි. තමන් කිසි­වකු මුණ ගැසී­මට නොගිය බවත් එසේම කිසි­වකු තමන් හමු වීමට නොපැ­මිණි බවත් මුකුල් පව­සයි. එසේ වෙතත් කොවිඩ් 19 තම නිවස රෝහ­ලක් බවට පත් කිරී­මට සමත් වී ඇතැයි ඔහු කියයි.

Related posts

ඉතාලියේ මරණ පැහැදිලි අඩුවීමක් …

Helarata

මන්මෝහන් සිං රෝහලේ..

Helarata

නවසීලන්තයේ උතුරු දිවයිනට ටෝනාඩෝවෙන් හානි….

Helarata

Leave a Comment

Translate »