හෙළරට - විදෙස් පුවත්

එඩින්බරෝ ආදිපාදවරයාට 99..

බ්‍රිතාන්‍යයේ මහ රැජිනගේ සැමියා වන පිලිප් කුමරු හෙවත් එඩින්බර්ග් ආදිපාදවරයා (10) සිය 99 වැනි උපන් දිනය සැමරුවේය.

මෙම අවස්ථාව වෙනුවෙන්ම ගන්නා ලද, මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ ඡායාරූපයක්ද බකිංහැම් මාලිගය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබ තිබිණි. එම ඡායාරූපය ගෙන තිබුණේ මේ වනවිට රාජකීය යුවළ වාසය කරන වින්ඩ්සර් මාලිගය ඉදිරිපස ගෙවත්තේදීයි. පසුගිය වසරේ දෙසැම්බරයෙන් පසු පිලිප් කුමරු පෙනී සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ කෙරුණේ පළමු වතාවටයි.


මහ රැජින හදවතේ හැඩය ඇති පලඳනාවක් පැලඳ සිටින ආකාරයද මෙහි දැකිය හැකි වේ. කෙරෝනා වසංගතය නිසා මහ රැජිනත්, පිලිප් කුමරුත් දැන් මාස කිහිපයක සිටම හුදෙකලාව කාලය ගත කරන්නේ ලන්ඩනයේ සිට සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි වින්ඩ්සර් මාලිගයේය.

පිලිප් කුමරුගේ උපන් දිනය වෙනුවෙන් පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකු සුබ පැතුම් එක්කර තිබෙණුද දැකිය හැකි විය. ඒ අතර චාල්ස් කුමරු, විලියම් සහ කේට් යුවළ ඇතුළු කිහිප දෙනෙක්ම වූහ. ඉතා වියපත්ව සිටින තම ආච්චිත්, සීයාත් ගැන තමා ඉතා පරීක්‍ෂාවෙන් සිටින බවත්, ඔවුන් කොරෝනාවයිරසයෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා පවුලේ අය කළ හැකි සියලු දෙයක්ම කරමින් සිටින බවත් විලියම් කුමරු සති කිහිපයකට පෙර පවසා තිබිණි. 1921 ජුනි 10 වැනි දින උපන් පිලිප් කුමරු එළිසබෙත් කුමරිය සමග විවාහ වූයේ 1947 වසරේයි.

Related posts

⁣කොරෝනා නොතකා සිගරැට් බිවු රුමේනියා අගමැතිට දඩ…

Helarata

ජපන් සෞඛ්‍ය සේවයට අහසින් ආචාර… (Photo)

Helarata

බ්‍රසීල ජනපතිගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට තර්ජනයක්…

Helarata

Leave a Comment

Translate »