හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගල්ලේ ඩෙංගු වැඩි වේ , මැඩීමට කඩිනමින් පියවර…

🖋️ කෑගල්ල රාජපක්ෂ

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම මැඩලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමුව තිබෙන බව ද ඒ අනුව සියළුම දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අදාළ ආයතන, නිලධාරීන් සහ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව ද අවධාරණය කළ බවත් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (08) කෑගල්ල නගර ශාලවේදී පැවති දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීමේ දී සඳහන් කළේය.

පාසැල් ආරම්භ කිරීමට පෙර සියළුම පාසල් සුරක්ෂිත ස්ථාන බවට පත්කළ යුතු බව ද රාජ්‍ය ආයතන සහ අනෙකුත් ජනතාවට පහසුකම් ලබා දෙන ආයතන පිරිසිදුව පවත්වාගෙන යාමටත් ජනතාව ඩෙංගු රෝගය පිළිබඳව දැනුවත් කිරීම් සඳහා වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව ද තවදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සඳහන් කළේය.

කළේ මේ වන විටත් ඩෙංගු මර්ධන ග්‍රාමීය කමිටු, ප්‍රාදේශීය කමිටු , දිස්ත්‍රික් කමිටු වශයෙන් ක්‍රියාත්මකව පවතින බව සඳහන් කළ අතර ජනතාව දැනුවත් කිරීමට අදාළ ආයතන ඒකාබද්ධ කරගනිමින් කටයුතු කරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝගින් 501 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මාවනැල්ල සේඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බව ද අඩුම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේන් බවද දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුජීව බණ්ඩාර මහතා පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම පාසැල් මේ වනවිට පිරිසුදු කර ඇති අතර රජය මඟින් ලබා දෙන උපදෙස් අනුව පාසැල් විවෘත කිරීමට හැකි වාතාවරණයක් පවතින බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා මෙහි දී පැවසීය.

මේ අවස්ථාව සඳහා නගරාධිපති ජී.කේ සමරසිංහ මහතා, දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, පළාත් ආණ්ඩුකාර ලේකම් ප්‍රභාත් උදාකර, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) නාලිකා පියසේන , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, පළාත් සෞඛ සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ, යන මහත්ම මහත්මීන් ඇතුළු සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related posts

වැඩකරන අයට පාන්පිටි…

Helarata

පින්නවල සංචාරක කලාපයේ ලෝක පරිසර දිනයට ගස් සිටුවයි…

Helarata

වාද්දුවේ රූපවාහිනි දුරකතන විදුලිසරින් පුපුරා යයි…

Helarata

Leave a Comment

Translate »