හෙළරට - ප්‍රාදේශීය පුවත්

කොළඹ දිසාවෙන් කෝවිඩ් වලින් ආරක්ෂාවට රටට සෙත්පතා පිරිත්…

පොසොන් පොහොය නිමිති කර ගනිමින් සහ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් රටටත් ලෝකයටත් ඇති ව තිබෙන වසංගත තත්ත්වය නිම වී සියලු මනුෂ්‍ය වර්ගයා හට සෙත් ප්‍රාර්ථනා කිරීම මුල් කර ගනිමින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු ම කාර්ය මණ්ඩලයටත්,තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු ම කාර්ය මණ්ඩලයටත්, “නිල මැදුර” පරිශ්‍රයේ සිටින සියලු ම දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් පරිත් සජ්ජායනාවක් සංවිධානය කර තිබුණා.

ඊයේ පස්වරුවේ ( 2020.06.10 ) කොළඹ දිස්ත්‍රික් ලේකම් / මහ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරිත් දේශනාව සඳහා රාජගිරිය, කලපලුවාවේ, නෙලුම් පෙදෙස විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය මකුලෑවේ සුදස්සන ස්වාමීන් වහන්සේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞදධ කටයුතු සමායෝජක නිලධාරී කිරින්දේ පේමසිරි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා සිව් නමක් වැඩම කරනු ලැබුවා.

මෙම පිරිත් දේශනාව සංවිධානය කරනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරිනී චන්දිමා ප්‍රියදර්ශනී මහත්මිය සහ සංස්කෘතික අංශයත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශයත්, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශයත් විසින්.

ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කර ගැනීමේ දී තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බල මණ්ඩලය සහ එහි ලේකම්වරයා සුවිශේෂී සහයක් ලබා දෙනු ලැබුවා.

පිරිත් දේශනය අවසානයේ පැමිණ සිටි සියලු ම දෙනා වෙත පූජ්‍ය මකුලෑවේ සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් සකස් කොට ගෙන එන ලද බෝතල් කල පිරිත් පැන් බෙදා දීම ද පිරිත් නූල් ලබා දීම ද සිදු කලා.

“නිල මැදුර” පරිශ්‍රයේ පැවති මෙම පිරිත් දේශනය ශ්‍රවණය කිරිම සඳහා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිරෝෂන් මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී මහත්මිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන් සහ ⁣දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේත්, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වුණා.

තොරතුරු – කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

Related posts

කෑගල්ලේ ජල ගැටළුවට පිලියම් යෙදීමට දිසාපති මැදිහත් වේ..

Helarata

රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට උණුසුම් පිළිගැනිමක්…..

Helarata

සිතාවක රාජ්‍ය නිළධාරීන් ඇගයේ….

Helarata

Leave a Comment

Translate »