හෙළරට - දේශිය පුවත්

ණයක් අරන් මහපොළ ගෙවන්න අනුමැතිය…

විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම සඳහා මුදල් නැතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.


ඒ නිසා ණය මුදලක් හෝ ලබාගෙන සිසුන්ට අඛණ්ඩවව මහපොළ ගෙවීම සඳහා තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බවද ඇමැතිවරයා කීවේය.


සරසවි සිසුන් හැටදහසක් මසකට රුපියල් පන්දහස බැගිනි මහපොළ ශිෂ්‍යාධාර ලබන බැවින් ඒ සඳහා මාසයකට රුපියල් මිලියන 160ක් අවශ්‍ය බවද හෙතෙම කීවේය.

මෙම මුදලින් සියයට පනස් එකක් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙන්ද සියයට හතළිස් නවයක් මහා භාණ්ඩාගාරයෙන්ද ලැබෙන බවද ඇමැතිවරයා කීවේය.


සංවර්ධන ලොතරැයි අලෙවි ආදායම මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ලැබෙන නමුත්, කොවිඩ් -19 නිසා පසුගිය මාස තුනේදී ලොතරැයි අලෙවිය නොකළ බැවින් එම ආදායම මහා භාණ්ඩාගාරයට නොලැබුණු බව කියයි.

Related posts

කොරෝනා සමයේ බබාලා කෝටි 11ක් උපදින ලකුණු..

Helarata

අමා දම් සිසිල 200 වෙනි වැඩසටහන අද කාල්ටන්හීදි ….

Helarata

මහනුවර කම්පනයක්…

Helarata

Leave a Comment

Translate »