හෙළරට - දේශිය පුවත්

නොවැසු පතල් වසාදැමීමට පියවර…

අනතුරු වැළැක්වීමේ ආරක්‍ෂණ වැඩපිළිවෙළක් රටම ආවරණය වන ලෙස හඳුන්වාදීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබේ.

කෙටි කාලීන සහ දිගු කාලීන ලෙස අදියර දෙකක් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව අධිකාරියේ නාඋල ප්‍රාදේශීය කළමණාකරු සංජීව මූණමල්පේ පවසයි.


නොවැසූ පතල් ආශ්‍රිත ඩෙංගු, මැලේරියා ඇතුළු වාහක මදුරුවන්ගේ බෝවීම පාලනය සහ පතල් ආශ්‍රිතව සිදුවන අනතුරු අවම කිරීම සඳහා නොවැසූ මැණික් පතල් වසා දැමීම මේ යටතේ සිදු කිරීමට නියමිතය. මදුරුවන් බෝවන ස්ථාන, පතල් පවත්වාගෙන යන ඉඩම් සහ ආශ්‍රිත පරිසර පවිත්‍ර කිරීම රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන බව ද ඔහු පැවසීය.


රත්නපුර දිස්ත්‍රික්කයේ සිදුවූ පතල් ආශ්‍රිත අනතුරු පතල් තුළ මීතේන් වායුව නිෂ්පාදනයෙන් සිදු වූ බවට හඳුනාගෙන ඇත. ඒ පිළිබඳව පර්‌යේෂණ සිදුකර ඉන් ආරක්ෂා වීමේ විකල්ප ක්‍රම හඳුන්වාදීමටද පියවර ගෙන ඇත. භූගත මැණික් සම්පත ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමට අධිකාරියේ අවධානය යොමුව ඇත.

ඒ සඳහා පතල් ආශ්‍රිත මානව සම්පත ඵලදායී ලෙස කළමනාකරණය කිරීම කෙරෙහි අවශ්‍ය පියවර ගන්නා බවද කියයි. රටම ආවරණය වන ලෙස නොවැසූ පතල් හඳුනාගැනීමට සමීක්‍ෂණයක් සිදු කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබෙන බවද සංජීව මූණමල්පේ මහතා සඳහන් කරයි.

Related posts

බලාපොරොත්තු අත්හරින්න එපා – මහ රැජින කියයි

Helarata

හිටපු ආණ්ඩුකාරයාට ජනපතිගෙන් අවසන් ගෞරව…

Helarata

ණයක් අරන් මහපොළ ගෙවන්න අනුමැතිය…

Helarata

Leave a Comment

Translate »