හෙළරට - ප්‍රාදේශීය පුවත්

පානදුරේ ඇවිදින මංතීරුවට අත ඉස්සේ…..


පානදුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කළුදෑවල පැණි අඹේ කුඹුර ආශ්‍රිතව දෙපාව සකස් කොට  ඇවිදින මං තීරුවක්  සකස් කිරීමට ගෙන ආ යෝජනාවක් වැඩි චන්ද දොළහකින් සභා සම්මත විය.

පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතා එම යෝජනාව ඉදිරිපත් කල අතර ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අජිත් සිරිසේන මහතා ඊට විරෝධය පල කරමින් අදහස් දක්වා බෙදීමක් ඉල්ලා සිටි බැවින් චන්ද විමසීම පැවැත්වින.

එහිදී උණුසුම් තත්වයක් ඇති වූ අතර ජනතා විමුක්ති පෙරමුණු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු විරුද්ධව චන්දය ප්‍රකාශ කල අතර පක්ෂව චන්ද විසිහතරක් ලැබීම නිසා වැඩි චන්ද දොළහකින් එම යෝජනාව සභා සම්මත විය.


පාණදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් වාද්දුව විජය කුමාරණතුංග ශාලාවේදී ජුනි  මාසික සභා රැස්වීම  පැවති අතර  සුමිත් අතුකෝරල (පො.ජ.පෙ) , ක්‍රිෂාන් පෙරේරා ( පො.ජ.පෙ) , විපක්ෂ නායක තාහිර් ෆාසි       ( එ.ජා.ප ) , ඉරේෂන් පෙරේරා (එ.ජා.ප) , සුරේෂ් ප්‍රනාන්දු (එ.ජා.ප)  අජිත් සිරිසේන (ජ.වී.පෙ) මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම එහිදී අදහස් දැක්වුහ.

Related posts

සබරගමු සරසවියෙන් අටවිසි බෝධි

Helarata

විශ්‍රාමික ඒ.එස්.පි ගෙන් ගැබිනි මවුවරුන්ට අත්වැළක්

Helarata

පොල් අදින මුවාවෙන් හොර හරක් ඇදලා

Helarata

Leave a Comment

Translate »