හෙළරට - විදෙස් පුවත්

ෆ්ලොයිඩ්ගේ සහෝදරයත් සටනට එයි..

පොලිස් කෘෘරත්වයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසය ක්‍රියාත්මක විය යුතු බව ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සොයුරු ෆිලෝනිස් ෆ්ලොයිඩ් අවධාරණය කර තිබේ. තම සහෝදරයාගේ නම කිසියම් ලැයිස්තුවක සඳහන් තවත් එක් නමක් නොවිය යුතු බවත් ඔහු පෙන්වා දී ඇත.


ෆ්ලොයිඩ්ගේ ආදාහන උත්සවයෙන් දිනකට පසු සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීහු සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීහු පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්ද සිදුකළහ.

ඇමරිකා මන්ත්‍රී මණ්ඩලයේ නීති සම්පාදක කමිටුව එම පැහැදිලි කිරීමට සවන් දී සිටි බව සඳහන් වේ. එම කමිටුව විශේෂ කෙටුම්පතක්සකස් කර ලබන 4 වැනිදාට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇමරිකා පොලිසියේ ප්‍රචණ්ඩත්වයට හා වාර්ගික අසාධාරණකම්වලට එරෙහිව කටයුතු කිරීමට ඉඩ සැලසෙන පරිදි එම කෙටුම්පත සකස් කෙරෙණු ඇත. අප්‍රිකා – ඇමරිකා සම්භවයක් ඇති පුද්ගලයන්ට කෙරෙන රිදවීම් නවතන ලෙස ෆිලොනිස් ෆ්ලොයිඩ් නීති සම්පාදකයන්ගෙන් ඉතාමත් සංවේදීව ඉල්ලා සිටි බව වාර්තා වේ. මහා මං මත කෙරෙන උද්ඝෝෂණ මගින් බල කෙරෙන්නේ එය බවත් එම බල කිරීම් දැන් හොඳටම ප්‍රමාණවත් බවත් ඔහු පෙන්වා දී ඇත.

Related posts

මුම්බායි නගරයේ කොරෝනා බෝම්බය පුපුරා යයි…

Helarata

ඉන්දියාවෙි සිටින ලාංකික සිසුවියන්ගෙන් ආයාචනාවක්

Helarata

ඉන්දියාවේ කොරෝනා සීග්‍රයෙන් ඉහල යයි.. මරණ 249 ආසාදිත 7,600

Helarata

Leave a Comment

Translate »