හෙළරට - විදෙස් පුවත්

කාබුල් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක්…

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින්  (12) සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

කාබුල් නුවර ෂෙර් ෂාහ් සූරි දේවස්ථානයට ප්‍රහාරය එල්ල වී තිබෙන අතර එම අවස්ථාවේදී එහි දේව මෙහෙය පැවැත්වූ ආගමික නායකයා සහ යාඥාවලට සහභාගී වී සිටි තිදෙනකු මියගිය බව ඇෆ්ගන් බලධාරීහු කීහ. තවත් පිරිසක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූහ.

කිසිවකුත් ප්‍රහාරය වගකීම බාරගෙන නොතිබූ අතර කෙසේ නමුත් මෙම ප්‍රහාරය හෙළාදකිමින් තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබිණි.

Related posts

බ්‍රසීල ජනපතිගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට තර්ජනයක්…

Helarata

ඉතාලිය වසා තිබියදි බජව් දැමු ලාංකිකයන්ට සුපිරි දඩයක්..

Helarata

කොරෝනාවෙන් කඩා වැටුණු නවසීලන්තය ගොඩගන්න අයවැයෙන් මුදල්..

Helarata

Leave a Comment

Translate »