හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෝට්ටේ කොවිඩ් මැඩලීමට කැපවු වු රාජ්‍ය නිළධාරීන් ඇගයේ…

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ දැඩි කැපවීමකින් සහ වගකීමකින් යුතුව ජනතා සේවයෙහි යෙදෙමින් වසංගත තත්ත්වය මර්දනය සඳහා සහය වූ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් / මහ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සංවිධානය කෙරුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් වයි.කේ. ශිරෝමි ජීවමාලා මහත්මියගේ උපදෙස් හා අධීක්ෂණය මත.

දිස්ත්‍රික් ලේකම්වරයා උත්සව සභාව අමතමින් සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 හි ම ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරියන් සහ අනෙකුත් සියලු මාණ්ඩලික නිලධාරීන් සහ සමස්ත කාර්ය මණ්ඩල සාමාජිකයින් නිසි පරිදි කැපවීමෙන් සහ වගකීමකින් යුතු ව සිය රාජකාරී ඉටු කිරීම නිසා කොවිඩ් වසංගත තත්ත්වය මර්දනයට සහය ලබා දිය හැකි වූ බව සහ ජනතා සහන සහ සේවාවන් සාර්ථකව ලබා දිය හැකි වූ බවයි.

මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ⁣ලබා නොදුන්න ද එම නිලධාරීන් තමන් ලබා ගන්නා වැටුපට සීමා නොවී ඉන් ඔබ්බට ගොස් සිය රාජකාරී වගකීම් ඉටු කල බැවින් කොළඹ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 ව්‍යසනය පාලනය කර ගත හැකි වූ බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කලා.

ඒ වෙනුවෙන් කැප වූ ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුලු සියලු ක්ෂේත්‍ර නිලධාරීන්ටත්, මාණ්ඩලික නිලධාරීන්ටත් ප්‍රදීප් යසරත්න මහතා සිය ප්‍රශංසාව පල කර සිටියා.

තව දුරටත් අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලේ තමන් ද සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු සහ ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස සේවය කර ඇති බැවින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් සාමකාමී ව පවත්වා ගැනීමට ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කැපවීමෙන් සේවය ඉටු කිරීම හේතු වන බව දන්නා බවයි.

මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිලධාරීන් සඳහා ඇගයීම් සහතික පත්‍ර පරිනැමීම සිදු කල අතර, දිස්ත්‍රික්කයට නිවැරදි නායකත්වය ලබා දීම වෙනුවෙන් ශ්‍රී ජවර්ධනපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම් වයි.කේ.ශිරෝමි ජීවමාලා මහත්මිය ඇතුලු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩල සමාජිකයින් මෙන් ම කොළඹ සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී වුණා.

තොරතුරු – කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

Related posts

සෞඛ්‍යයෙන් කෑගල්ල ජනතාවට පණිවිඩයක් – අත්‍යවශ්‍ය දේකට පමණක් නගරයට යන්න.

Helarata

බලංගොඩ ජලයට යටවු එළවළු පලතුරු ඉවතට…

Helarata

පානදුර පොලිසියෙන් රියදුරන්ට සෞඛ්‍ය කදවුරක්…

Helarata

Leave a Comment

Translate »