හෙළරට - දේශිය පුවත්

කෑගල්ලේ ඇතුවු ගින්න නවතම තතු…

🖋️කෑගල්ල – රාජපක්ෂ

කෑගල්ල නගරය මධ්‍යයේ ඇති පොදු වෙළෙඳ සැල හදිසියේ ඇති වු ගින්නක් හේතුවෙන් එහි වෙළෙද සංකිර්ණ රැසක් ගින්නෙන් විනාශ වෙමින් පවති. ගින්න නිවා දැම්ම සඳහා මේ වන විටත් සිදු කරමින් පවතින බවද පොලිසිය පවසයි.

මෙම පොදු වෙළෙඳ සංකීර්ණය තට්ටු ගොඩනැගිල්ලක් වන අතර යාබදවද නගරයේ කඩ රැසක් පිහිටා ඇති අතර එම කඩ වලට ගින්න පැතිරවිම වැලක්විමට ආරක්ෂක අංශ කටයුතු කරමින් පවති.

කෑගල්ල නගර සභාවේ ජල බවුසර් සහ ගිනි නිවන රථ කිහිපයක් යොදා ගනිමින් ගින්න නිවා දැම්මට කටයුතු කරමින් පවතින අතර ඉරිදා දිනයේ පොදු වෙළෙඳ සංකිර්ණයේ බොහෝ වෙළෙඳ සැල් වසා දමා ඇති අතර ගින්න පැතිර ගොස් ඇත්තේ කුමන ස්ථානයකින්ද යන්න මේ වන විට ආරක්ෂක අංශ පරික්ෂණ සිදු කරමින් පවති.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් කිසිවෙකුටත් ජිවිත හානි හෝ තුවාල ලැබිම් මේ වන විටද වාර්තා නොවන බවද ආරක්ෂක අංශ පවසයි නමුත් පොදු වෙළෙඳ සංකීර්ණයේ ඇතුලතින් ගින්න මේ වන විටත් ඇවිලෙමින් පවතින අතර ඒ අවට අහස කළු දුමාලයෙන් වැසි ගොස් ඇත.

මෙම පොදු වෙළෙඳ සංකිර්ණය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට පැමිණෙන විට නිදහස් මාවත පසු කරද්දි කෑගල්ල රෝහලට පිවිසිමට ඇති කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තුන් මං හන්දිය අසල පොදු වෙළෙඳ සංකීර්ණය පිහිටා ඇත.

Related posts

ජකර්තා සීමා ලිහිල් වෙයි…

Helarata

සාංචියට ජුලි 5 සිට යන්න….

Helarata

වාෂ්ප අල්ලා වෛරස වලට මුහුණ දෙන්න…

Helarata

Leave a Comment

Translate »