හෙළරට - දේශිය පුවත්

රඹුක්කන වැඩිහිටි හා ළමා නිවාස සදහා සනීපාරක්ෂක දව්‍ය බේදාදීමක්..

🖋️කෑගල්ල රාජපක්ෂ

එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සහ සර්වෝදය ආයතනයේ අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ළමා සහ වැඩිහිටි නිවාස සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කොට තිබේ.

ඒ අනුව කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරීය මහතාගේ මෙහෙයවීමෙන් රඹුක්කන කොට්‌ඨාසයේ ළමා හා වැඩිහිටි නිවාස සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම කෑගල්ල දිස්ත්‍රික් සහකාර දිස්තික් ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ මූලිකත්වයෙන් අද (13) සිදු කෙරිණි.

රඹුක්කන කොට්‌ඨාසයේ අශෝක වැඩිහිටි නිවාසය, සාන්ත අන්තෝනි පිරිමි නිවාසය, බෝධිරාජ ළමා ගම්මානය වෙත මෙම පරිත්‍යාගයන් සිදු කළ අතර සමාජ සේවා අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Related posts

Canon Picture Profiles, Get The Most Out of Your Video Features

Helarata

දායකයන්ට සෙත්පතන්න පන්සලවල පින්කම් කරන්න – එල්ලාවල මේධානන්ද නාහිමියෝ

Helarata

පාස්කු ප්‍රහාරයේ පැහැදිලි තොරතුරක් නැතිවිම කනගාටුවක් – මල්වතු අනුනාහිමි .

Helarata

Leave a Comment

Translate »