හෙළරට - දේශිය පුවත්

උණ නම් හැඳුනුම්පත හදන්න එන්න එපා…

කොවිඩ් වයිරසය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව මෙම 22 වැනිදා සිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සීමාසහිතව ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් පී. වී. ගුණතිලක
ප්‍රකාශ කළේය.


දෙපාර්තමේන්තු පරිශ්‍රයේ එකවර විශාල
පිරිසක් එක්රැස්වීම වළක්වා ගැනීමේ අරමුණින් අයැදුම්කරුවන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් දිනයක් ලබාදෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.


එක්දින සේවාව සඳහා දිනකට ප්‍රධාන කාර්යාලය සඳහා අයැදුම්කරුවන් 250 කට සහ දකුණු පළාත් කාර්යාලයට අයැදුම්කරුවන් 50 ක්ද ගෙන්වා ගන්නා
බව කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.


මෙම එක්දින සේවාව සඳහා උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය වැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් යොමු නොවිය යුතු බවද දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතුළු වීමේදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය බවද කොමසාරිස් ජනරාල්වරයා කීය.

Related posts

අධ්‍යාපනය නැංවිමට අමාත්‍යාංශය තුනක් එක්වේ…

Helarata

මඟුල් ප්‍රශ්නවලට අගමැති මැදිහත් වෙයි…

Helarata

විනය කැඩුවොත් උත්සහය වතුරේ….

Helarata

Leave a Comment

Translate »