හෙළරට - දේශිය පුවත්

රටවැසියාගේ අපේක්ෂා ඉටුකරන්න මම පසුබට වෙන්නේ නැ…

බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ලංකා බැංකුවේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය පිණිස (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමකි. එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වා ගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්‍රමුඛ වගකීම විය යුතුය.


ණය සඳහා ඉලක්කම් 02ක පොළියක් අය කිරීමෙන් රටක අපේක්ෂා ඉටු කළ නොහැකි අතර එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙනැවිත් බැංකු පද්ධතිය ලෙස රටේ සංවර්ධනයට සහාය වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කලේය..
තමාගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසි විටෙකත් බැංකු වලට බලපෑම් කර නැහැ.. එහෙත් ගොවියාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහ ආයෝජකයන් අපේක්ෂා කරන මූල්‍යමය සහය දීමට රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතුයි.


අද පවතින තත්වයට ලෝකයේ කිසිදු රටක් මෙතෙක් මුහුණ දී නැහැ. ඉන් මිදිය හැක්කේ කෙසේද යන්න පැරණි රටාවෙන් බැහැරව සිතිය යුතුයි . වැටී ඇති ආර්ථිකය නගාසිටුවීම සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් පමණක් කළ නොහැකියි.ජනතාව තමාට ලබාදී ඇති බලය ක්‍රියාත්මක කරමින් සමස්ථ රටවැසියාගේ අපේක්ෂා ඉටු කිරීමට කිසිවිටෙකත් මම පසුබට වෙන්නේ නැහැ.. මා මෙවැනි ඉල්ලීම් කරන්නේ කිසිසේත් දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන්.. ඊට බාධා කරන්නේ නම් සුදුසු පියවර ගැනීමටත් මම පසුබට වෙන්නේ නැ..යැයි ජනාධිපතිවරයා එහිදි කිය.


2015ට පෙර 7% ත් 8% ත් අතර පැවති ආර්ථික වර්ධන වේගය 2019 වන විට 2% ටත් වඩා පහත වැටිණ. කොවිඩ් වසංගතයත් සමග බිඳවැටුණු ලෝක ආර්ථිකය හමුවේ එය තවදුරටත් කඩාවැටී ඇත. මේ සියලු කරුණු වටහාගනිමින් රටේ ආර්ථික පුනරුදය සඳහා වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහායවීම රාජ්‍ය බැංකු සතු වගකීමක් වේ.


ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ යන මහත්වරු, අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

තානාපතිවරුන්ගේ ප්‍රසාදය රජයට

Helarata

ලෝකයෙන් අපේ හමුදාවට දෙවැනි තැන…

Helarata

Apple 12.9-inch iPad Pro and Microsoft Surface Pro Comparison

Helarata

Leave a Comment

Translate »