හෙළරට - දේශිය පුවත්

උසස් පෙළ කල් දැමීමට සලකා බලයි….

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට බොහෝ පාර්ශවයන්ගෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබි ඇති බව අමාත්‍යාංශයේ බලධාරීන් පවසයි ..

කොවිඩ් වසංගතය නිසා රට තුළ ඇති වූ තත්වය සලකා බලා ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට සැප්තැම්බර් මස 02 වැනි දා උසස් පෙළ විභාගය පැවැත්වීම වඩාත් සාධාරණ හා සුදුසු අයුරින් කල් දැමීම සඳහා සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන ලේකම්, විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුඵ අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

Related posts

Fit Couples Share Tips On Working Out Together

Helarata

Photo Exhibit Puts Talents, Emotion On Display

Helarata

ආර්ථිකය නැංවිමට මහබැංකුවෙන් නව ණය සහන වැඩසටහනක්…

Helarata

Leave a Comment

Translate »