හෙළරට - දේශිය පුවත්

ආර්ථිකය නැංවිය හැකි ක්‍රම වහා ඉදිරිපත් කරන්න…

ආර්ථි­කය ගොඩ­නැ­ගී­මට තමන් ලබාදී ඇති ක්‍රම­වේ­ද­යන් ක්‍රියා­ත්මක කළ නොහැකි නම් කළ හැකි ක්‍රම­වේද වහා ඉදි­රි­පත් කර­න්නැයි ජනා­ධි­පති ගෝඨා­භය රාජපක්ෂ මහතා මහ බැංකු ප්‍රධා­නීන්ට (16) දැනුම් දුන්නේය.

වෙනත් රටවල මහ බැංකු කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර බේර­ගන්න වැඩ කර­නවා. ඒවා අපේ අය කරන්නේ නැහැ. එක්කෝ ඔය­ගොල්ලෝ මාව අමා­රුවේ දාන්න හද­නවා. නැත්නම් ආණ්ඩුව අප­හ­සු­තා­වට පත් කරන්න හද­නවා. ඔය­ගොල්ලෝ හරි­යට රාජ­කා­රිය කර­නවා නම් මට මේ විදි­යට කතා කරන්න වෙන්නේ නැහැ. මා පත්වෙලා මාස අටක්. ආපු දවසේ ඉඳලා කිය­නවා කඩා වැටුණු ආර්ථි­කය ගොඩ­ග­නිමු කියා, එත් වැඩක් නැතැයි යැයි හෙතෙම කීවේය.

ශ්‍රී ලංකා මහ බැංකු අධි­ප­ති­ව­රයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් සමඟ ජනා­ධි­පති කාර්යා­ලයේ (16) පැවැති සාක­ච්ඡා­වේදී ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එසේ ප්‍රකා­ශය කළේය.

ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද කියා සිටි­යේය.

සෞඛ්‍ය අර්බු­දය ඒක ආර්ථික අර්බු­ද­යක් වෙන්න දෙන්න පුළු­වන් කමක් නෑ. ලොකු රට­වල විත­රක් නෙවෙයි පොඩි රට­වල පවා මහ­බැංකු විශාල පිය­වර ගන්නවා. ඇම­රි­කාවේ Fed (සන්ධීය සංචිත බැංකුව) එක අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 600ක වැඩ­ස­ට­හන් හදලා. ඒ බව අද නිවේ­ද­නය කළා. ඔස්ට්‍රේ­ලි­යාව සහ ජපා­නය, ඒ වගේම මේ අපේ රට අවට තියෙන පොඩි රට­ව­ල්වල මහ­බැංකු මේ වැඩ­ස­ට­හන පටන් අරන්. දැන් මේ බලන්න AFED Commits to use full range of Tools to help the Economy through unprecedented time. දැන් අපි මොකක්ද පාවිච්චි කරලා තියෙන Tool එක. කිසි දෙයක් නෑ. කිසිම දෙයක් මේ වෙනු­වෙන් අපේ මහ බැංකුව කරලා නෑ. මහ බැංකු­වත් භාණ්ඩා­ගා­ර­යත් තමයි Monitory & Physical Policy එක කරන්නේ. හැබැයි ඒක වෙන්න ඕනේ රටේ ජනා­ධි­ප­ති­තු­මාගේ Economic Policy එකට හරි­ය­න්නයි. ඔය­ගොල්ලො ළඟ විවිධ tools තියෙ­නවා මේකට ඒ tools පාවිච්චි කර­න්නට ඕනේ. හැබැයි අපේ මහ බැංකුව කිසිම tool එකක් පාවිච්චි කරන්නේ නෑ. නිකන් නිදා­ග­න්නවා. අපි කිව්වේ රුපි­යල් බිලි­යන 150ක් බැංකු­ව­ලට දෙන්න. මේ Businessවල වැරැ­ද්දක් නෙවෙයි. පසු­ගිය වැරැදි නිසා හැම කම්පැනි එක­ක­ටම රජ­යෙන් විශාල මුද­ලක් ගෙවන්න තියෙ­නවා. දැන් මේ මුදල මේ අයට Security එකක් හැටි­යට තියා­ගෙන මේ අයට ලෝන් එකක් ගන්න ඉඩ­දෙන්න. එත­කොට ඒගො­ල්ලන්ට පුළු­වන් ආර්ථි­කය දුව­වන්න. මේක Money Circulation එකක්. සිම්පල් දෙයක්. Basics of Economics. හැබැයි ඔය­ගොල්ලෝ මොන­වාද කරන්නේ. ඔය­ගො­ල්ලන්ගේ වැරැදි එන්නේ රජ­ය­ටයි. ඔය­ගොල්ලෝ මේ වගේ ඒවා බලන්නේ නැති නිසා Finance Company වලට වෙලා තියෙන වැඩේ බලන්න.

මේ මූල්‍ය ආය­තන නියා­ම­නය කිරීම සහ කළ­ම­නා­ක­ර­ණය කිරීම ඔය­ගො­ල්ලන්ගේ වග­කී­මක්. ඒවා කර­න්නෙත් නැහැ. දැන් බලන්න ETI එක? ඒවා ඔය­ගොල්ලෝ වැරැදි විදි­හට කරලා. අන්ති­මට ඒ මිනි­ස්සුන්ට සල්ලි ගෙවා­ගන්න බැහැ. The Finance ඒක වහලා අපි දන්නෙත් නැහැ. දැන් ඒකට සල්ලි ගෙවන්නේ කොහො­මද? ඒවා කළ­ම­නා­ක­ර­ණය කරන්නේ නැහැ. ඔතන ඉන්නේ ඔක්කොම ආර්ථික විශේ­ෂ­ඥ­යන්. ලක්ෂ ගණන් පඩි ගන්නවා. මොකද කරන්නේ. ඔය­ගො­ල්ලන්ට වග­කී­මක් තියෙ­නවා.

දැන් මම දීලා තියෙ­නවා ක්‍රම­වේ­ද­යක්. ඒක ඔය­ගො­ල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ වෙන­කොට ඔය­ගො­ල්ලොන්ට දෙන්න පුළු­වන් ක්‍රම­වේ­දය මට ඉදි­රි­පත් කරන්න. බලන්න අනිත් රට­වල් කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර බේර­ගන්න කරන වැඩ. කෝ ඒවා අපේ අය කර­නවා ද? එක්කෝ ඔය­ගොල්ලෝ මාව අමා­රුවේ දාන්න හද­නවා. නැත්නම් ආණ්ඩුව අප­හ­සු­තා­වට පත් කරන්න හද­නවා. ඔය­ගොල්ලෝ ඕගො­ල්ලන්ගේ රාජ­කා­රිය කර­නවා නම් මට මේ විදි­යට කතා කරන්න ඕනේ නැහැ. නමුත් මාස අටක් දැන් මම පත්වෙලා. ආපු දවසේ ඉඳලා කිය­නවා කඩා වැටුණු ආර්ථි­කය ගොඩ­ග­නිමු කියා.

මට ඕනෑ නෑ ගිය ආණ්ඩුව කරපු වැරැදි කතා කරන්න. නමුත් ඔය බැංකුව හොර­කම් කරන කොටත් ඔය­ගො­ල්ලො­මනේ හිටියේ. ඒවා­යේදී එයා­ලට සහ­යෝ­ගය දුන්නා නම්, ඇයි මං මේ ඉල්ලන සාධා­රණ දේ කරන්න බැරි. මහ­ජ­න­තාව දැන­ගන්න ඕන මේ වගේ නිල­ධා­රීන් එක්ක වැඩ­ක­රන්න පුළු­වන් ද කියා. මේ රට හදන්න මට ජන­තාව විශාල බල­යක් දීලා තියෙ­නවා. මම ඉල්ලන්නේ මට මේක හදන්න ඉඩ දෙන්න කියායි. කොරෝනා වෛර­ස­යක් ආවා. ඒක අද ලෝකේම කව­දා­වත් නැති ආර්ථික අර්බු­ද­ය­කට ඇවිල්ලා තියෙ­නවා. සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව, හමු­දාව, බුද්ධි අංශය, පොලී­සිය යන ආය­තන කැප­වී­මෙන් වැඩ කර ලෝකෙ අනිත් රට වලට වඩා ඉස්සෙල්ලා මේ රට නැව­තත් යථා තත්ව­යට ගේන්න අපිට පුළු­වන් වුණා. අපිට තියෙන මේ ආර්ථික අර්බු­දය තව තවත් පහ­ළ­ටම වැටෙන්න ඉස්සෙල්ලා මේක ගොඩ­ගන්න එක තියෙන්නේ ඔය­ගො­ල්ලන්ගේ අතේයි. ඒක කරන්න මට උදව් කරන්න. මම කියන ක්‍රමය නැත්නම්, මොන­වද ඔය­ගො­ල්ලන් ඉදි­රි­පත් කර තියෙන වෙනත් ක්‍රම. මේ වගේ අව­ස්ථා­වක මේ රටේ ඉන්න ලොකුම ආර්ථික විශේ­ෂ­ඥයෝ ඉන්න තැනක ඔය­ගො­ල්ලන්ගෙ යුතු­ක­මක් නෙවෙ­යිද මේකෙන් ගොඩ එන ක්‍රම­වේ­ද­යන් ඉදි­රි­පත් කරන එක? මොන­වද ඔයාලා ඉදි­රි­පත් කරලා තියෙන්නේ? මොන­වද කරන්න කියා තියෙන්නේ? මොන­වද මට දීලා තියෙන උප­දෙස්? කිසි ම දෙයක් නෑ. මේ දේවල් බලලා මම කල්පනා කර කියපු දේවල් කර­න්න­වත් ඉදි­රි­පත් වෙන්නේ නෑ. ඒකත් අව­හිර කර­නවා. මට කියන්න තියෙන්නේ මෙච්ච­රයි. කරු­ණා­ක­රලා මම කියන දේ සම්මත කරන්නේ නැත්නම් ඕගො­ල්ලන්ගේ සැල­සුම හෙට උදේ වෙන­කොට මට දෙන්න. මම වැරැ­ද්දක් නම් කියන්නේ, කතා කරල කියන්න මං මේ කියන දේ වැර­දියි කියා.

Related posts

කැනඩා ලංකා ප්‍රේමය වැඩිවෙලා…

Helarata

පොළොන්නරුවේ පුදබිම් රැක්ක මුරකරුවන් ගැටලුවක..

Helarata

බසයේ වාඩිවිය යුත්තේ සිග්සැග් ක්‍රමයට…

Helarata

Leave a Comment

Translate »