හෙළරට - දේශිය පුවත්

පළගැටියා දැන් මට්ටුවෙලා…

කහතිත් පළඟැටියාගේ බලපෑම බොහෝදුරට මර්දනය කර ඇතැයි වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. සීලරත්න පැවසීය. කහතිත් පළඟැටියා පරිසරයේ ජීවත් වුවද පරිසරයට සිදුවන හානිය අවමවී ඇතැයිද ඔහු සඳහන් කරයි.


පසුගිය දිනවල පැවැති
කාලගුණික තත්ත්වයත් සමග
කහතිත් පළඟැටියාගේ බෝවීම
එකවර වැඩිවූ බවත්, මේ වනවිට
ආර්ථික හානි නොවන මට්ටමට
පළඟැටි බලපෑම පාලනයවී
ඇතැයිද වයඹ පළාත් කෘෂිකර්ම
අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
යළිත් කහතිත් පළඟැටියාගේ
හානිය වාර්තා වුවහොත්, එය
පාලනය කිරීම පිළිබඳව ගොවීන්,
කෘෂිකර්ම උපදේශකවරුන් ඇතුළු
ක්ෂේත්‍රයේ කෘෂිකර්ම නිලධාරීන්
දැනුවත් කර ඇතැයිද ඔහු පැවසීය.


ක්ෂත්‍රය තුළ කහතිත් පළඟැටියන්
කිහිප දෙනෙකු පමණක් දක්නට
ලැබෙන්නේ නම් ගිනි තැබීම,අතින්
පොඩිකර විනාශ කිරීම ආදී සරළ
මර්දන ක්‍රම භාවිතා කළ හැකි
බවද ඔහු සඳහන් කළේය.


කහතිත් පළඟැටියා මර්දනය
කිරීම සඳහා දිගින් දිගටම
රසායනික ද්‍රව්‍ය යෙදීම මගින්
පරිසර හිතකාමී ජීවීන්ගේ
පැවැත්මටද බලපෑමක් ඇතිවන
බැවින් ක්ෂේත්‍රයේ වැඩි වශයෙන්
කහතිත් පළඟැටියා දක්නට
ලැබුණේ නම්, රසායනික ද්‍රව්‍ය
භාවිතයට පෙර ආසන්නතම
කෘෂිකර්ම උපදේශකවරයා හමුවී
උපදෙස් ලබා ගන්නා ලෙසට
ගොවීන් දැනුවත් කළ බවද වයඹ
පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා
වැඩිදුරටත් පැවසීය.

Related posts

උල්කාපාත බලන්න රෑ 12 ට අද සිට ..

Helarata

වැටි ඇති ආර්ථිකය ගොඩනැගිය හැකියි ජනපති අවධාරණය කරයි..

Helarata

ඉහළ සාධාරණ වුණත් පහළට එනවිට අසාධාරණයි

Helarata

Leave a Comment

Translate »