හෙළරට - දේශිය පුවත්

පාකිස්තානයේ කොරෝනා ඉහළට….

පාකිස්තානයෙන් දිනපතා වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන මෙන්ම කොරෝනා ආසාදිත මරණ ගණන ද වේගයෙන් ඉහළ යමින් තිබේ.
 
අවසන් පැය 24 ක කාලයේදී පාකිස්තානයෙන් කොරෝනා ආසාදිත මරණ 140ක් වාර්තා වූ අතර ඒ අනුව එරට සමස්ත මරණ ගණන 3,037ක් දක්වා ඉහළ ගියේය.
පාකිස්තානයෙන් අද (17) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,54,760ක් ලෙස දැක්විණි.

පාකිස්තානය කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමා ලිහිල් කළ ද ඇතැම් නගර හා ප්‍රදේශවලට තවමත් දැඩි සීමා පනවා ඇත. ඒ සියලු පියවර ගත්ත ද පාකිස්තානයෙන් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන සහ ආසාදිත මරණ ගණන වැඩිවීමත් සමඟ නැවත වරක් සීමා පැනවීමට පාකිස්තාන බලධාරීන් පියවර ගෙන ඇත. එම නව සීමා ‘‘ස්මාර්ට් ලොක්ඩවුන්’’ යනුවෙන් නම් කර ඇත.
 
අසල්වැසි ඉන්දියාවේ මෙන්ම පාකිස්තානයේ ද රෝහල් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙන අතර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් පලවා හැරීමට සෞඛ්‍ය බලධාරීන්ට සිදුව ඇත. ඇතැම් රෝහල් ඉදිරියේ ‘‘ෆුල්හවුස්’’ (පිරිලා) යනුවෙන් බෝඩ් ගැසීමට ද බලධාරීන්ට සිදුව ඇත.
 
ශීඝ්‍ර වේගයකින් පාකිස්තානයේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් කොරෝනා වයිරසයට ගොදුරු වෙමින් සිටින අතර ඔවුන්ට බලාරොත්තු සුන් වූ සහ කෝපයටත් පීඩාවටත් පත් රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ කායික අඩත්තේට්ටම්වලට ලක්වීමට ද සිදුව ඇත.

මේ සියලු කාරණාවලට ප්‍රතිචාර දැක්වීමේදී ආණ්ඩුව වගකීමකින් සහ දැඩි පරෙස්සමකින් කටයුතු යැයි බොහෝ පාර්ශවවලින් විවේචන එල්ල වී තිබේ.
 
ජූලි සහ අගෝස්තු මාසවලදී කොරෝනා වයිරසය පාකිස්තානය තුළ වේගයෙන් පැතිර ගොස් උච්ඡතම අවස්ථාවට පැමිණෙනු ඇතැයි ආසාදිතයන් 900,000ක් පමණ වාර්තා වනු ඇතැයි ද වෛද්‍ය වෘත්තිකයෝ බිය පළ කරති. මේ තත්ත්වය හේතුවෙන් පාකිස්තානයේ සෞඛ්‍ය සේවා පද්ධතිය කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇතැයි ද ඔවුහු අනතුරු අඟවති.

කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට පාකිස්තානයෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයන් 25,000ක් වන අතර සීමා ලිහිල් කිරීමෙන් මාසයකට පසු පාකිස්තානයෙන් ආසාදිතයෝ 100,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූහ.
 
‘‘ආණ්ඩුව වෛද්‍යවරු කියන දේ ඇහුවේ නැහැ. නොසැලකිල්ලේ ප්‍රතිඵල ලැබෙන එක දැන නවත්වන්න බැහැ’’ යැයි පාකිස්තාන වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Related posts

බත්තරමුල්ල නිමි ඇදුම් සාප්පු සංකීර්ණයේ ගින්නක්…

Helarata

කහ උප්පරිම සිල්ලර මිලකට..

Helarata

කළු ජාතිකයන් රැකදෙන්න කමිටුවක් ඉල්ලයි…

Helarata

Leave a Comment

Translate »