හෙළරට - දේශිය පුවත්

එංගලන්තයෙන් නවසීලන්තයට යළි කොරෝනා යකා ඇවිත්..

🖋️ නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට වාර්තා කරයි.

දහසය වෙනි අඟහරුවාදා නව කොවිඩ් -19 ආසාදිතයන් දෙදෙනෙකු නවසීලන්තයෙන් හමුවීමත් සමගම ආසාදිතයන් නොමැති දින 24 ක වාර්ථාව බිඳ වැටිණි. මොවුන් දෙදෙනාම කාන්තාවන් වන අතර එක්සත් රාජධානියේ සිට තම මවුපියන්ගේ අවමගුලකට සහභාගී වීමට පැමිණි අයවළුන් වේ .

ජුනි මස 13 වෙනිදා ඕක්ලන්ඩ් නුවර නිරෝධායනයට ලක් වෙමින් සිටි ස්ථානයෙන් මෙම කාන්තාවන් දෙදෙනාට අවමගුලට සහභාගී වීමට සානුකම්පිත හේතු මත අවසර ලබා දී ඇත. පෞද්ගලික වාහනයකින් ඕක්ලන්ඩ් නුවර සිට වෙලින්ටන් නුවරට පැමිණි පසු කරන ලද covid – 19 පරීක්ෂණයේදී ඔවුන්ට covid – 19 අසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

30 හැවිරිදි වියේ සහ 40 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාවන් දෙදෙනා ජුනි 7 වන දින එක්සත් රාජධානියේ සිට දෝහා සහ බ්‍රිස්බේන් හරහා ගුවන් යානයකින් නවසීලන්තයට පැමිණ ඇති අතර මොවුනට මෙම රෝගය එක්සත් රාජධානියේ දී හෝ යම්කිසි ගුවන්තොටුපලකදී හෝ එසේත් නැත්නම් ගුවන්යානයකදී ආසාදනය වන්නට ඇති බව වෛද්‍ය අංශ විශ්වාස කරයි.

මේ වනවිට මොවුන් ඇසුරු කල පුද්ගලයන් හඳුනාගැනීම ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ එක් පවුලේ සාමාජිකයෙකු සමඟ මේ දෙදෙනා සම්බන්ධ වී ඇති බවත් එම පුද්ගලයා එම නිවෙසින් බැහැරව ගොස් නොමැති බව තහවුරු වී ඇත.

ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය නිලධාරින් විසින් මේ වනවිට මෙම කාන්තාවන් දෙදෙනා නවාතැන් ගෙන සිටි ඕක්ලන්ඩ් හි හෝටලයේ කාර්ය මණ්ඩලය, ඕක්ලන්ඩ් ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය වැනි ස්ථාන වල මොවුන් සමග සම්බන්ධතා පැවැත්වූ සියලු දෙනාම හඳුනාගෙන පරීක්ෂාවට ලක් කරමින් නිරෝධායනය කිරීම අරඹා ඇත.

මෙම ආසාදිතයන් දෙදෙනාත් සමග නවසීලන්තයෙන් සොයා ගත් මුළු රෝගීන් සංඛ්‍යාව 1506 කි.

Related posts

නොවැසු පතල් වසාදැමීමට පියවර…

Helarata

අන්තවාදී ප්‍රචණ්ඩත්වයන්ට ඉඩ නැත…ජනපති.

Helarata

කෑගල්ලට කෝටි 8ක පොහොර..

Helarata

Leave a Comment

Translate »