හෙළරට - දේශිය පුවත්

ජපන් අහසේ අබිරහස් වස්තුවක්..

ජපානයේ උතුරු ප්‍රදේශයේ අහසෙහි දිස් වූ අබිරහස් වස්තුවක් ගැන විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. මෙම අබිරහස් වස්තුව දර්ශනය වී තිබුණේ බදාදා (17)
දින උදය කාලයේ යි.

මේ කුමක්දැයි වික්‍ෂිප්තභාවයට පත් එම ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳව එරට
කාලගුණ විද්‍යා ආයතන බලධාරීන්ගෙන්ද විමසා තිබේ. නමුත් ඔවුන් එවැනි කිසිදු
වස්තුවක් අහසට යවා නැති බව සඳහන් වෙයි. ඒ නිසා එම බලධාරීන් ද මේ පිළිබඳව යම් ගැටලුවකට මුහුණ දී සිටි බැව් වාර්තා විය.


ජපාන ආරක්‍ෂක අංශද තමුන් එවැනි වස්තුවක් ගුවන්ගත කර නොමැති බැව් ප්‍රකාශ කර තිබිණි. මෙය සුදු පැහැති බැලුමකට සමාන වස්තුවක් බවද, වැඩි හැලහොල්මනකින් තොරව රැඳී සිටි බවද සඳහන් විය.


කාලගුණ විද්‍යා ආයතනය සඳහන් කර තිබුණේ මෙම වස්තුව කිසියම් නිරීක්‍ෂණ මෙවලමක් ආකාරයෙන් දිස්වන බවයි. නමුත් බදාදා දහවල් වන විටත් එය කුමක්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලැබී තිබුණේ නැත.

සමාජ මාධ්‍ය තුළ මේ ගැන විවිධ අදහස්උණුසුම් ලෙස සංසරණය වෙමින් තිබෙන බව ද වාර්තා වෙයි. ඇතැමුන් මෙය පිටසක්වළ යානාවක් බවට ද අදහස් පල කර තිබිණ

Related posts

මරණ ලක්ෂය පනි ට්‍රම්ප් ගෝල්ෆ් ගසයි..

Helarata

ඇදිරිනීතියෙන් හිරවුණු අයට ගංගාරාමයෙන් වියළි ආහාර.

Helarata

වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ….

Helarata

Leave a Comment

Translate »