හෙළරට - දේශිය පුවත්

නැවෙන් ආ පාර්සල් 42,000ක ඇඩ්‍රස් මැකිලා…

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශයන්හි සිට ගුවනින් එවිය නොහැකි වූ පාර්සල් 42,000ක පමණ තොගයක් නැව් මගින් මෙරටට ලැබී ඇතත් ඒවායේ ලිපින මැකී යාම හේතුවෙන් හිමිකරුවන් වෙත යැවීමට නොහැකි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ගුවන් මගින් එවීමට භාරදී තිබූ මෙම පාර්සල් තොගය පසුගිය කාලයේ ගුවන් තොටුපල වසා තිබීම නිසා කන්ටේනරයක බහා නෞකාවකින් මැලේසියාවේ සිට මෙරටට එවා ඇති බවත්, මුහුදෙන් රැගෙන එනවිට ඒවායේ ලිපින මැකී ගොස් ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

චීනය ඇතුළු රටවලින් එවූ පාර්සල් මෙම තොගයේ ඇතුළත්ව තිබෙන බවත්, හැකිනම් ඒවායේ රහස්‍ය අංක බලා යැවිය යුතු ලිපින තෝරාදෙන ලෙස එම රටවලට දැනුම් දී ඇති බවත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

එසේ නොලැබුණහොත් ඒවා නැවත එවූ රටවලටම යවා ගැටලුව විසඳාගැනීමට සිදුවන බව ද ඇමතිවරයා පැවසීය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මෙම තත්ත්වය නිසා විදේශවලින් ලැබුණු භාණ්ඩ නැති කර ඇති බවට තැපැල් දෙපාර්තමේන්තුවට චෝදනාවක් ද එල්ල වන බව කී අමාත්‍යවරයා එසේ චෝදනා කිරීම අසාධාරණ බව ද ප්‍රකාශ කළේය

Related posts

මැයි 4 දක්වා ඇඳිරිනීතිය.

Helarata

හෝටල්වල නිරෝධායනයේදි මුදල් අයකරන්නෙ රජය හෝ හමුදාව නොවේ..

Helarata

පිනෑං නාහිමි සිහිකර ලංකාවේ පාංශකූල පින්කමක්…

Helarata

Leave a Comment

Translate »