හෙළරට - දේශිය පුවත්

ලංකාවේ කොරෝනා පාලනය ගැන චීන ජනාධිපතිගේ ප්‍රසාදය……

ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. ජූනි 20 වෙනිදාට යෙදෙන ජනාධිපතිවරයාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී ජින්ග් පිං මහතා යොමු කළ ලිපියක් ඔහු පිළිගැන්වීය.


කොවිඩ් – 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සාර්ථක වැඩපිළිවෙළ පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනා ගෙන ඇතැයි චීන දූත පිරිස සඳහන් කළහ.
ශ්‍රී ලංකාවේ වෛරසය පාලනයට සහාය වීම පිණිස චීන රජයෙන් වෛද්‍යධාර තොගයක් එවා තිබේ. ඒවා දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇත. ආධාර තොගයේ ලැයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.
දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ෂී, චීන ජනතාව සහ චීන සමාගම් වෙත ස්තූතිය පළ කළෙමි. චීනය හා ශ්‍රී ලංකාව කොවිඩ් – 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා එක හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බව චීන දූත පිරිස සඳහන් කළහ. අර්බුදය සාර්ථකව පාලනය කිරීමට දෙරටම සමත් වූයේ දෙරටේ ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන්ගේ කැපවීම හේතුවෙනි.


ගෝලීය වසංගතය හමුවේ දෙරට එකිනොකට ඉමහත් සේ උපකාර කළහ. මේ වසරේ පෙබරවාරි මුල් භාගයේදී චීනය වසංගතයෙන් පීඩාවට පත් ව සිටින විට ශ්‍රී ලංකාව කළු තේ තොගයක් චීනයට පරිත්‍යාග කළේ තේ වල ඇති සුව කිරීමේ ගුණය සැලකිල්ලට ගනිමිනි. එපමණක් නොව චීනයේ වෛරස් ආසාදිතයන්ට සෙත් පතා ශ්‍රී ලංකාව පුරා පිරිත් සජ්ඣායනය කෙරුණි. කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් සිය සහෝදරත්වය පළ කරමින් ඇදි සිතුවම් කිහිපයක් චීන ජනාධිපති ආර්යාව පෙන්ග් ලීයූවාන් මැතිණිය වෙත යවා තිබුණු අතර එම ක්‍රියාව ඇයගේ මහත් ඇගයීමට ලක් විය.

Related posts

අද ඉතිරිව ඇත්තේ රණවිරුවන් දිවිපුදා රැකදුන් රටයි….

Helarata

How To Avoid Getting Fat When Working From Home

Helarata

රියැදුරු බලපත් කාලය තවත් දිගු වෙයි….

Helarata

Leave a Comment

Translate »