හෙළරට - දේශිය පුවත්

එංගලන්තයට ලොරියකින් ඇවිත්….

ලොරි රථයක පිටුපස කොටසේ සැඟව ගමන් ගත් නීති විරෝධී සංක්‍රමණිකයන් පිරිසක් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එසෙක්ස් ප්‍රාන්තයේ හාර්ලෝ ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී සංක්‍රමණිකයන් 14 දෙනෙකි.


මෙම පිරිසට නීති විරෝධී ලෙස ප්‍රවාහන පහසුකම් සැලසූ ලොරි රථයේ රියැදුරු සහ සහායකයාද පොලිසිය විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි. මෙම පිරිස අත්අඩංගුවට පත් වහාම ක්ෂණික ගිලන් රථ සේවාව මගින් ඔවුන් සියලු දෙනාගේම සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කෙරී ඇත.


විශේෂයෙන්ම ඔවුන් කොවිඩ් – 19 ආසාදිතයන්දැයි පරීක්ෂා කෙරී ඇත. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීද ගිනිකොනදිග එංගලන්තයේදී ට්‍රක් රථයක ප්‍රවාහනය කරමින් සිටියදී මියගිය නීති විරෝධී සංක්‍රමණිකයන් දුසිම් ගණනකගේ සිරුරු සොයා ගැනීමට එරට පොලිසියට හැකිවිය.


උතුරු අයර්ලන්ත ජාතිකයකු වන ‘රොබින්සන් ම ෝ’ නමින් හැඳින්වෙන පුද්ගලයකු විසින් ප්‍රවාහනය කළ වියට්නාම ජාතිකයන් 39 දෙනකුගේ සිරුරු එම අවස්ථාවේදී සොයාගනු ලැබිණි. ට්‍රක් රථයේ ගාල් කොට ප්‍රවාහනය කිරීමේදී හුස්ම හිරවී මෙම නීති විරෝධී සංක්‍රමණිකයන් පිරිස මියගොස් තිබිණි.


අදාළ රියැදුරාට එරෙහිව මිනීමැරුම, මිනිස් ජාවාරම, මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා 43 ක් යටතේ නඩු ගොනුකර ඇත. ඔහු දැනටමත් එම චෝදනාවලින් බහුතරයක් පිළිගෙන තිබේ.

Related posts

සා.පෙළ හා උ.පෙළ විභාග දින කඩිනම්කරන්නැයි උපදෙස්….

Helarata

කිලෝග්‍රෑම් 904,010 ක එළවළු රජය මිලදී ගනි.

Helarata

ඩෙංගු මර්දනයට වහා සුදානම්වන්න..ජනපති අගමැතිගෙන් උපදෙස්

Helarata

Leave a Comment

Translate »