හෙළරට - දේශිය පුවත්

කළු ජාතිකයන් රැකදෙන්න කමිටුවක් ඉල්ලයි…

පසුගියදා ඇමෙරිකාවේ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සොහොයුරා වන ෆිලනයිස් ෆ්ලොයිඩ් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඒ, ඇමෙරිකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය හමුවේ කළු ජාතිකයන් මිය යාම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කරන ලෙසයි. තම සොහොයුරාට වධ දී මරා දැමුණු ආකාරය මුළු ලෝකයම දුටු බවත්, ඇමෙරිකාව තුළ කළු ජාතිකයන්ගේ ජීවිතවලට වටිනාකමක් නැති බව මෙයින් සනාථ වන බවත් ඔහු පවසා තිබිණි.


ජිනීවාහි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේදී අප්‍රිකානු රටවල් කැඳවා තිබූ සංවාදයකට විඩියෝ සම්මන්ත්‍රණ තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ෆිලනයිස් ෆ්ලොයිඩ් මේ බව ප්‍රකාශ කර තිබේ.

‘මගේ සොහොයුරාට වධ දී මරා දැමුණු ආකාරය ඔබ වීඩියෝ දර්ශන ඔස්සේ දුටුවා. අන්න එහෙම තමයි ඇමෙරිකානු පොලිසිය කළු ජාතිකයන්ට සලකන්නේ.’ යනුවෙන් ඔහු එහි දී හැඟීම්බර ආකාරයෙන් පවසා තිබිණි. සිය සොහොයුරා වෙනුවෙන් සාධාරණය ඉටු කර දීමට අවශ්‍ය ශක්තිය, බලය එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව ඇති බවද ඔහු එහි දී සඳහන් කර ඇත.

‘මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔහුට උදව් කරන ලෙසයි. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මා හට උදව් කරන ලෙසයි. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඇමෙරිකාවේ වෙසෙන කළු ජාතිකයන්ට උදව් කරන ලෙසයි’


සිය සොහොයුරාගේ මරණය සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට ඉදිරිපත් වූ ජනතාවට පොලිසිය සැලකූ ආකාරය පිළිබඳව ද ෆිලනයිස් ෆ්ලොයිඩ් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමු කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානි මිචෙල් බැචලේ ද ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය සිදු වූ ම්ලේච්ඡ ආකාරය හෙළා දැක තිබිණි. එම මරණයට එරෙහිව මතු වූ විරෝධතා ඇය හඳුන්වන්නේ පරම්පරා ගණනක් තිස්සේ පැවැති වේදනාවන් පුපුරා ගිය බවකි.

Related posts

ආර්ථිකය නැංවිමට මහබැංකුවෙන් නව ණය සහන වැඩසටහනක්…

Helarata

හිටපු විපක්ෂ නායකගේ ප්‍රකාශය අසත්‍ය බව අගමැති කාර්යාලය කියයි ..

Helarata

සා.පෙළ. ප්‍රතිඵල අද සවස….

Helarata

Leave a Comment

Translate »