හෙළරට - ප්‍රාදේශීය පුවත්

කිතුල ලෙඩවෙයි…

හඳුනා නොගත් රෝගයක් සහ අතරමැදි වෙළෙන්දන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් සිය පාරම්පරික කිතුල් කර්මාන්තයෙන් ඉවත් වීමට සිදුවී ඇතැයි දකුණු පළාතේ කිතුල් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය ලෙසින් සැලකෙන නෙළුව – ලංකාගම කිතුල් මදින්නෝ පවසති.


කිතුල් ශාකය දකුණු ආසියාවේම දක්නට ලැබුණද එය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කර්මාන්තයක් ලෙසින් සැලකේ. දිස්ත්‍රික්ක දහඅටක කිතුල් ශාකය ව්‍යාප්තව ඇති අතර සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ගම්මාන විසිදෙකක කිතුල් මැදීම සිය ප්‍රධාන ජීවනෝපාය ලෙසද පවත්වාගෙන යති. දකුණු පළාතේ කිතුල් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය ලෙසින් සැලකෙන ලංකාගම කිතුල් ආශ්‍රිත කර්මාන්තයෙන් යැපෙන්නන් තුන්දහසක් පමණ වේ.


එහෙත් වසර දහයක කාලයක් තිස්සේ කිතුල් ගසට වැලඳුණු රෝගයට ප්‍රතිකාර නොලැබීමෙන් ප්‍රදේශයේ කිතුල් ගහනය සියයට පණහකින් පමණ අඩුවී ඇතැයි කිතුල්මදින්නෝ පවසති.


ගසේ පත්‍ර රතු පැහැයක් ගැනීම රෝගය හඳුනා ගැනීමේ මූලික ලක්ෂණයක් වන අතර ඉන් අනතුරුව ගොබය කඩා වැටීමෙන් පසු ගස මියයන බව ඔවුහු පවසති. අවස්ථා කිහිපයකදී බලධාරින්ට ගැටලුව ඉදිරිපත් කළ මුත් ඊට විසඳුමක් නොලැබුණු බව ඔවුන් වැඩිදුරටත් පැවැසීය.


මෙලෙස කිතුල් ගස් හිඟවීම නිසා සිංහරාජ වනාන්තරය තුළ ඇති කිතුල් ගස් සොයා ගොස් දුෂ්කර ජීවිතයත් ගත කර කර්මාන්තය කරගෙන ගියද මහන්සියට සරිලන මිලක් නොලැබෙන බව ඔවුහු කියති.


පාරම්පරිකව මුතුන් මිත්තන්ගෙන් ලැබූ දායාදයක් වූ ලංකාගම කිතුල් පැණි සහ හකුරු සඳහා අති විශිෂ්ට විශ්වාසයද අතරමැදි වෙළෙන්දන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් විනාශ වී ඇති බව පවසන කිතුල් මදින්නන් ලංකාගම කිතුල් පැණි නාමය ඇතැම් වෙළෙන්දන් කෙළෙසා ඇතැයි චෝදනා කරති.


මේ හේතුවෙන් පාරම්පරික කර්මාන්තයෙන් ඉවත් වීමට තමන්ට සිදුවී ඇතැයි ඔවුහු පවසති.

Related posts

පසුගිය ඡන්ද ප්‍රතිඵල බලමු…

Helarata

පාසැල් ඇරඹිමට පෙර ආරක්ෂිත සෞඛ්‍ය පිලිවෙත් කියාදේ…

Helarata

කෑගල්ලේ රාජ්‍ය නිලධාරීන්ට සුහුරුව හුරු කරයි…

Helarata

Leave a Comment

Translate »