හෙළරට - විදෙස් පුවත්

යළි එන්න ට්‍රම්ප් ජිංපිං ගෙන් උදව් ඉල්ලලා…

නැවත ජනාධිපති ධුරයට තේරී පත්වීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ජනපති ෂී ජිං පිංගෙන් පෞද්ගලික උදව් ඉල්ලා ඇතැයි ඇමෙරිකාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක
ජෝන් බෝල්ටන් ප්‍රකාශ කරයි.


බෝල්ටන් විසින් රචිත The Room where it Happened පොත පිළිබඳව එක්සත් ජනපද ජනමාධ්‍ය විසින් අනාවරණය කර ඇති තොරතුරුවලට අනුව අමෙරිකාවේ කෘෂි නිෂ්පාදන මිලදී ගන්නා ලෙසද චීනයෙන් ඉල්ලා ඇත.

එසේම ධවල මන්දිරයේ කටයුතු කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ජනපති ට්‍රම්ප්ට අවබෝධයක් නොමැති බවදටද සිය පොතින් ජෝන් බෝල්ටන් චෝදනා කර ඇත. මෙම පොත වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට මේ වන විටත් ජනපති ට්‍රම්ප් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි බී.බී.සී. පුවත් සේවය ප්‍රකාශ කරයි.

එම වාර්තාවන්ට අනුව ජනපති ට්‍රම්ප් ජෝන් බෝල්ටන්ව විවේචනය කර ඇත්තේ ‘‘ඔහු නීතිය කඩ කළා. මෙහි පලකර ඇති තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ඔහුට අයිතියක්
නැහැ.’’ යනුවෙන් පවසමිනි.


‘‘මෙම පොත සෑදී ඇත්තේ බොරු හා ව්‍යාජ කතාවලින්. ඔහු යුද්දයට යෑමට පමණක් කැමැති අප්‍රසන්න කම්මැලි මෝඩයෙක්. ඔහු පළවා හැරීම මට සතුටට කරුණක්.’’ යනුවෙන් ජනපති ට්‍රම්ප් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. පිටු 577කින් සමන්විත ජෝන් බෝල්ටන්ගේ පොත එළඹෙන ජුනි 23 වැනිදා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය. කෙසේ වෙතත් පෙරේදා දිනයේ එරට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අදාළ පොත එළි දැක්වීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක්කර ඇත.

Related posts

ඉතාලි සහනාධාරය ශ්‍රි ලාංකිකයන්ටත්..

Helarata

ඉන්දියාවෙි ගුවන් නියමුවන් පහකට කොරෝනා ..

Helarata

නවසිලන්තයේ කොරෝනා පරික්ෂණ ක්‍රමයෙන් නතර කරයි..

Helarata

Leave a Comment

Translate »